ඇමරිකාවේ මධ්‍යම ඔත්තු සංවිධානයේ (සීඅයිඒ) අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ගේ පෞද්ගලික ඊමේල් ගිණුමේ ඇතැම් තොරතුරු පිට කිරීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ විකිලීක්සි වෙබ් අඩවියට චෝදනා එල්ලවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
විකිලීක්ස් වෙබ් අඩවියේ දළ ආරක්ෂක සැලසුම් අනුමැතියේ අයදුම්පතක් ඇතුළු පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොනු පළ කර තිබීම ඊට හේතුවයි.
සීඅයිඒ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බ්‍රෙනන්ගේ පවුලේ ගිණුම් ද්වේෂ සහගත චේතනාවෙන් හැක් කර (අනවසරයෙන් පරිගණකයට ඇතුළුවී දත්ත සොරකම් කර) ඇති බවයි.
ඇමරිකාවේ උසස් පාසලක සිසුවකු මේ සම්බන්ධයෙන් වගකීම් සහගතව නිව්යෝක් පෝස්ට් පුවත්පතට පවසා ඇත්තේ ඔහුට එම ලිපිගොනු හමුවූ බවයි. පුවත්පත සඳහන් කරන්නේ එම සිසුවා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කෝපයෙන් කථා කළ බවයි.
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට පසුගිය කාලයේ රහස් තොරතුරු පිටකිරීම සම්බන්ධයෙන් නීතියෙන් දඬුවම් විඳීමට පවා සිදුවූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න. (නි)
විකිලීක්ස් කියන්නේ මොනවගේ වෙබ් අඩවියක්ද කියලා අපි නම් දන්නවා සමහර මිනිස්සු නොදන්නවා වුණාට (නි)