
'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එන්නත් කාර්යක්ෂමතාව අඩු කිරීමට ඊට හැකියාව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
මේ වනවිට රටවල් බොහොමයක් තෙවැනි එන්නත් මාත්‍රාව එසේත් නැතිනම් බූස්ටර් එන්නත ලෙස 'ෆයිසර්' එන්නත ලබා දීම සිදු කරන්නේ ද පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රාවලින් 'ඔමික්‍රෝන්' අඩපණ කළ නොහැකි නිසා යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.
එසේ වුවත්, තවමත් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා නොලැබුණු පිරිස් ලොව සිටින බවත්, තෙවැනි මාත්‍රාවට කලින් එම පුද්ගලයන්ට පළමු සහ දෙවැනි එන්නත් ලබා දීම කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.
'ඔමික්‍රෝන් විකෘතියේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිස්තරාත්මකව දැන් අපට දත්ත ලැබෙමින් පවතිනවා. මුලින් අප අනුමාන කළ අන්දමට ඔමික්‍රෝන් බරපතල නැහැ. ඒත් එය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙනවා. පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රාවලින් ලැබෙන ප්‍රතිශක්තිය ඔමික්‍රෝන් අඩපණ කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒත් පළමු සහ දෙවැනි එන්නත් ලබා ගැනීමෙන් කිසියම් හෝ ප්‍රතිශක්තියක් ඔමික්‍රෝන් විකෘතියට එරෙහිව ලැබෙනවා. ඒක සහතිකයි. ඒ නිසා එන්නත් ගැන විශ්වාසය තැබීම ඉතාම වැදගත්' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදු කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. මේ වනවිට 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අධ්‍යයන වාර්තා ලැබෙන්නේ ද දකුණු අප්‍රිකාවේ විශේෂඥයන්ගෙනි. පසුගිය දෙසැම්බර් 9 වැනිදා වනවිට රටවල් 63 කින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා විය. 'ඔමික්‍රෝන්' විකෘතිය දරුණු සංකූලතා ඇති නොකරන බැවින්, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවලට පනවා තිබුණු තහංචි ඉවත් කිරීමට රටවල් බොහොමයක් කටයුතු කර තිබේ. පළමුවෙන් එසේ කළේ ඇමෙරිකාවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විකෘතිය එන්නත් කාර්යක්ෂමතාව අඩු කරනවා
Sriland Monday, 13 December 2021 12:19 PM
ගොනා හැරෙනකොට අපි දන්නවා ඔය හදන්නේ ලබන අවුරුද්දෙත් එන්නත් සෙට් එකක් හදලා සල්ලි හම්බ කරන්න. මේක තමයි අලුත්ම ව්‍යාපාරය බලවත් රටවල් ගොඩයන්න..