
මෙල්බර්න් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තය අගුළු දැමීම ලබන 23 වැනිදා තෙක් දීර්ඝ කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියෙල් ඇන්ඩෲස් තීරණය කර ඇත.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රනාත්යේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 70ක් හෝ කොවි මර්දන එන්නතේ පළමු මාත්‍රාව ගන්නා තුරු මෙම තීරණය ගත් බවද ආණ්ඩුකාරවරයා කියා සිටී.
මෙම තීන්දුව ඉතා අමාරුවෙන් ගත් එකක් වුවද කොවිඩ් වසංගත තත්ත්වය් ව්‍යාප්තවීම භායානක තත්ත්වය ඊට වඩා ප්‍රබල බවත් , එබැවින් පරෙ පරදී නිදහසේ ජනතාවට සිටිය නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත ආන්ඩුකාරවරයා මෙල්ඉර්න් නුවර දී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ සදහන් කර ඇත.
මේ අතර ඔස්‌ට්‍රේලියාවේ එන්නත්කරණය ප්‍රමාද වීම හමුවේ එරට වැසියන්ගේ අප්‍රසාදය පාලක රජයට එල්ල වීමත් සමග සිංගප්පූරුව සතු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ පහක් ඔස්ට්‍රේලියාවට හුවමාරු කර ගැනීමට දෙරටේ එකගතාවය පළවී ඇත.
(හින්දුස්ථානී ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd