සිරුරේ කුඩා සිදුරක් සාදා එමගින් යැවූ උපකරණ ආදාරයෙන් වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමය යුරෝපයේ රෝයල් ලිවර්ෆුල් රෝහලේ දී සාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවැනි සැත්කමක් මුළින්ම සිදුකැර ඇත්තේ ඉන්දියාවේ දී ය.

වෛද්‍යවරු පවසන්නේ මෙතෙක් භාවිතා කළ ශල්‍යකර්ම ක්‍රමයට වඩා ඉක්මණින් මේ ක්‍රමයේ දී රෝගියා යථා තත්ත්වයට පත්වන බවයි.

මෙතෙක් වකුගඩු බද්ධකිරීම් සිදුකරනු ලැබුවේ සිරුර විවෘත කිරීමේනි. ඒ සඳහා විශාල කැපුමක් භාවිතා කැරිණි.  

මෙවැනි සැත්කමක් මුලින්ම සිදුකළ ඉන්දියාවේ ඉස්ලාමාබාද් නුවර වකුගඩු සම්බන්ධ රෝග හා පර්යේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය ප්‍රන්ජල් මෝඩි පවසන්නේ නව ආකාරයේ වකුගඩු සැත්කමකින් රෝගියාට ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි. රෝයල් ලිවර්ෆූල් රෝහලේ වෛද්‍යවරු සැත්කමට යෙදූ කැපුම සෙන්ටිමීටර හයහක් තරම් කුඩාය.

‘‘ කුඩා සිදුරක් යොදා වකුගඩු බද්ධ කිරීම ඉතා සාර්ථකයි. රෝගීන්ගේ ප්‍රතිචාරයත් ඉහළයි. මේ නිසා එවැනි සැත්කම් කිරීමට අපට වැඩි ධෛර්යයක් ලැබී තිබෙනවා. “ යැයි මහාචාර්යවරයා පවසයි.

මෙම සැත්කම් ක්‍රමය ස්ථුලතාවයෙන් හෙබි රෝගින්ට වඩත් සුදුසුය. ඊට හේතුව උදර කුහරයේ විශාල කැපුම් යොදා කරණ ශෛල්‍ය කර්ම මගින් වන අනතුරු ප්‍රමාණය ඉහළ වීමයි.

නමුත් මෙම සැත්කම් ක්‍රමය මගින් ශෛළ්‍ය වෛද්‍යවරුනට සංකීර්ණ සැත්කම් සඳහා විකල්ප ක්‍රමයක් ලෙස යොදා ගැනීමට හැකිවීම විශාල වාසියකි.