පාකිස්තානයේ ප්‍රධාන කැරලිකාර කණ්ඩායමක නායකයකු මෙන්ම 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ කාරි අජ්මාල් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ දී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ලෂ්කාර ඊ ජාහ්න්ගි (එල්ඊජේ) තහනම් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අජ්මාල් ලාහෝර් ප්‍රහාරයෙන් පසු වසිරිස්තාන පෙදෙසේ සැඟව සිටි බව කියති.
‘ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ වාර්තා අනුව ඔහු ඝාතනයට ලක්ව ඇත්තේ ඇෆ්ගනිස්තානය හා විදෙස් හමුදා ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ය. 2009 දී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ බස් රියට වෙඩි තැබීමෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින් 5 දෙනෙක් තුවාල ලැබූහ. එම සිදුවීමේදී පාකිස්තානයේ පොලිස් නිලධාරීන් 7 දෙනකු ද මිය ගිය බව වාර්තාවේ. වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පසුගිය දා පාකිස්තාන හමුදා සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මිය ගිය අතර අජ්මාල් සමග ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් ත්‍රස්ත නායකයකු වූ හකිමුල්ලා මෙෂූඩ් 2013 නොවැම්බර් හිදී ඝාතනයට ලක්විය.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාහෝර් ප්‍රහාරයේ සැලසුම්කරු මරුට
සහන Tuesday, 11 October 2016 03:15 AM
අවි ගත්තෝ අවියෙන්ම නසියි. කල දේ පඩිසන් දෙනවා මේ ලෝකයේදීම. හුගක් දේවල් අපි දකිනවා මේ වගේ සිද්දි (ම)