ද්‍රව ලෝහ වැසි ඇති වන ග්‍රහලොවක් සොයා ගැනීමට ස්විස්ටර්ලන්ත විද්‍යාඥයෝ සමත් වෙති.
පෘථීවියේ සිට ආලෝක වර්ෂ 390 ක දුරින් එය පිහිටා ඇත.
WASP-76b ලෙස නම් කර ඇති එහි දේශගුණ තත්ත්වය අතිශය පුදුම සහගත බව ජිනීවා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් එහ්රෙන්රෙයිච් මහතා පවසයි.
ග්‍රහලෝකය මතුපිට දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400 ඉක්මවයි.
ඉතා කුඩා කක්ෂයක් මීට හිමි අතර එය පෘථිවි දින දෙකකටත් වඩා අඩු කාලයක් බව විද්‍යාඥයෝ පවසති.
ග්‍රහලොව අධ්‍යයනය කිරීම සඳහා චිලී රාජ්‍යයේ පිහිටි විශාල පරිමාණයේ දුරේක්ෂයක් භාවිත කර ඇත.
-226-
(බීබීසී ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලෝහ වැසි ඇද හැලෙන ග්‍රහලොවක් සොයාගනී
beau Thursday, 12 March 2020 09:42 AM
ඔය තියෙන්නේ අපාය. කවුද කිව්වේ අපායක් නැතැයි කියා?
wije Thursday, 12 March 2020 03:14 PM
වෙන ලෝකවල් හොයන්න කලින් හැමෝම එකතුවෙලා කොරෝනා වලට බෙහෙතක් හොයාගන්න.. එහෙම නොවුණොත් අපේ ලෝකය විනාශ වෙලා යාවි...
ravin Friday, 13 March 2020 04:30 AM
අනේ වාසනාවන්.