
ජලය කාන්දු වීමක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයේ කලා නිර්මාණ රැසකට හානි සිදුවී ඇතැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේය.
ලොව වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණෙන කලා කෞතුකාගාරය ලෙස සැලකෙන්නේ මෙම ලූව්ර කෞතුකාගාරයයි. මීට සති කීපයකට පෙර සොරකමක් සිදුවූයේ ද මෙම කෞතුකාගාරයේය.
කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ජලය කාන්දු වීම හේතුවෙන්, කෞතුකාගාරයේ කලා නිර්මාන 300 වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවය. හානි වූ කෘති සම්බන්ධයෙන් අඛණ්ඩව ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බවද ස්ටයින්බොක් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd