ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ අද සිට තුන් වැනි වරටත් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වෙයි.

එබැවින් මේ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි බලධාරීහු පදිංචිකරුවන්ගෙන් සහ විදේශකයින්ගෙන් ඉල්ලීක් කරති.

මෙම හදිසි තත්ත්වය දින 7 ක් පුරා ක්‍රියාත්මක වෙයි.පසුගිය දෙසැම්බර් මාසයේ මෙම ප්‍රාන්තයට දෙවැනි වතාවට හදිසි තත්ත්වය පැනවුණි.

ලැව්ගිනි සති අන්තය පුරා තවත් පැතිරිය හැකි බැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශය 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය නොවැම්බර් මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආරම්භ වූ ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගයින් තිදෙනෙකු මියගොස් ඇති අතර හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 380 කට අධිකය. 

 
 (-226-) (එන්.එච්.කේ. ඇසුරෙනි)