IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලොවක් කැළඹූ පුවත ගෙන ආ මාධ්‍යවේදිනිය මියයයි

දෙවන ලෝක යුද්දය ආරම්භවීයැයි ලෝකයට පළමු පුවත ගෙන ආ කෘතහස්ත මාධ්‍යවේදිනියක වන බි‍්‍රතාන්‍ය ජාතික ක්ලෙයාර් හොලින්ග්වර්ත් අද (10) මෙලොවින් සමුගත්තාය.

මියයන විට 105 හැවිරිදි වියේ පසුවූ ක්ලෙයාර් සිය ජීවිතයේ අවසන්භාගය ගතකළේ හොංකොං හිය.

1939 වසරේ දී වෙනත් කටයුත්තක් සදහා පෝලන්තයේ සිට ජර්මනිය බලා යමින් සිටින අතරතුරදී ජර්මන් හමුදා පෝලන්ත දේශසීමාව ආක‍්‍රමණය කරනු දැක, ඒ පිළිබදව පළමු මාධ්‍ය වාර්තාව ලෝකයා හමුවේ තැබුවේ ඇයයි.එවක ඇය බි‍්‍රතාන්‍යයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ ආධුනික මාධ්‍යවේදිනියක වූවාය.

පසු අවස්ථාවක බි‍්‍රතාන්‍යය ඔත්තුකරුවකු වූ කිම් ෆිල්බි අරබයා ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදුනු ඇය ඒ නිසාවෙන්ම නැවත වරක් ලෝකයේ අවධානයට ලක්වූවාය.

මාධ්‍යවේදිනියක වීමට පෙර සිටම ක්ලෙයාර් මානව හිතවාදී කි‍්‍රයාකාරකම් වල යෙදුනු තැනැත්තියකි.වරක් ඇය හිට්ලර්ගේ හමුදා ග‍්‍රහණයෙන් මිදී බි‍්‍රතාන්‍යය වෙත පැමිණීම සදහා ජර්මනියේ සිටි දහස් ගණනක් වෙනුවෙන්  බි‍්‍රතාන්‍යය ගමන් බලපත් සාදා දීමට මැදිහත් වූවාය.

ක්ලෙයාර් තම සැදෑ සමය මාධ්‍යකරණය වෙනුවෙන්ම කැපකර තිබූ අතර, ඇයගේ මරණයෙන් පසු, ක්ලෙයාර් සාමාජිකත්වය දරමින් සිටි හොංකොං විදෙස් මාධ්‍යවේදීන්ගේ සංගමය ප‍්‍රකාශයක් නිකුත් කරමින්, ක්ලෙයාර් සංගමයේ සිටි ඉතාම ආදර්ශමත් හා වටිනා සාමාජිකාවක් වූ බව නිවේදනය කළේය.

CLHOLWW 0110 01 CLHOLWW 0110 02 CLHOLWW 0110 03

 



අදහස් (0)

ලොවක් කැළඹූ පුවත ගෙන ආ මාධ්‍යවේදිනිය මියයයි

පහන් Tuesday, 10 January 2017 03:45 PM

මොන ආගම ඇදහුවත් තමන් කරපු පින් තමයි භවය සකස්කරලා දෙන්නේ ලෝකයට හොද දේ නැත්නම් විශ්වයට හොද දේ දායාද කෙරු මෙතුමිය සුගතිගාමී වෙලා ඇති .(අ)

:       0       0

උපාලි Wednesday, 11 January 2017 07:57 AM

බොන්න හදන දෙය දැක්කම ඇඟ හිරිවැටිලා යනවා...(බ)

:       0       0

පහන් Friday, 13 January 2017 03:02 PM

මේ ස්වීට් වයින් වෙන්න පුළුවන් .සුදු මිදී යුෂ සහ රතු මිදී යුෂ සවුදිය පුරන්න ගන්නවා .(හේ)

:       0       0

සුරන් Wednesday, 11 January 2017 01:03 PM

අනේ උපාලි, ඔබ බබා නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site