දෙවන ලෝක යුද්දය ආරම්භවීයැයි ලෝකයට පළමු පුවත ගෙන ආ කෘතහස්ත මාධ්‍යවේදිනියක වන බි‍්‍රතාන්‍ය ජාතික ක්ලෙයාර් හොලින්ග්වර්ත් අද (10) මෙලොවින් සමුගත්තාය.
මියයන විට 105 හැවිරිදි වියේ පසුවූ ක්ලෙයාර් සිය ජීවිතයේ අවසන්භාගය ගතකළේ හොංකොං හිය.
1939 වසරේ දී වෙනත් කටයුත්තක් සදහා පෝලන්තයේ සිට ජර්මනිය බලා යමින් සිටින අතරතුරදී ජර්මන් හමුදා පෝලන්ත දේශසීමාව ආක‍්‍රමණය කරනු දැක, ඒ පිළිබදව පළමු මාධ්‍ය වාර්තාව ලෝකයා හමුවේ තැබුවේ ඇයයි.එවක ඇය බි‍්‍රතාන්‍යයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ ආධුනික මාධ්‍යවේදිනියක වූවාය.
පසු අවස්ථාවක බි‍්‍රතාන්‍යය ඔත්තුකරුවකු වූ කිම් ෆිල්බි අරබයා ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදුනු ඇය ඒ නිසාවෙන්ම නැවත වරක් ලෝකයේ අවධානයට ලක්වූවාය.
මාධ්‍යවේදිනියක වීමට පෙර සිටම ක්ලෙයාර් මානව හිතවාදී කි‍්‍රයාකාරකම් වල යෙදුනු තැනැත්තියකි.වරක් ඇය හිට්ලර්ගේ හමුදා ග‍්‍රහණයෙන් මිදී බි‍්‍රතාන්‍යය වෙත පැමිණීම සදහා ජර්මනියේ සිටි දහස් ගණනක් වෙනුවෙන් බි‍්‍රතාන්‍යය ගමන් බලපත් සාදා දීමට මැදිහත් වූවාය.
ක්ලෙයාර් තම සැදෑ සමය මාධ්‍යකරණය වෙනුවෙන්ම කැපකර තිබූ අතර, ඇයගේ මරණයෙන් පසු, ක්ලෙයාර් සාමාජිකත්වය දරමින් සිටි හොංකොං විදෙස් මාධ්‍යවේදීන්ගේ සංගමය ප‍්‍රකාශයක් නිකුත් කරමින්, ක්ලෙයාර් සංගමයේ සිටි ඉතාම ආදර්ශමත් හා වටිනා සාමාජිකාවක් වූ බව නිවේදනය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආගම ඇදහුවත් තමන් කරපු පින් තමයි භවය සකස්කරලා දෙන්නේ ලෝකයට හොද දේ නැත්නම් විශ්වයට හොද දේ දායාද කෙරු මෙතුමිය සුගතිගාමී වෙලා ඇති .(අ)
බොන්න හදන දෙය දැක්කම ඇඟ හිරිවැටිලා යනවා...(බ)
මේ ස්වීට් වයින් වෙන්න පුළුවන් .සුදු මිදී යුෂ සහ රතු මිදී යුෂ සවුදිය පුරන්න ගන්නවා .(හේ)
අනේ උපාලි, ඔබ බබා නේද? (බ)