ලොව හොඳම ගුවන් සේවය ලෙස මෙවර තේරී ඇත්තේ චීනයේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් වන හොංකොංහි " කැතේ පැසිෆික්" ගුවන් සේවය බව ප්‍රකාශයට පත් කර ඇත.
ගියවසරේ මෙම ස්ථානය දිනාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ " එමිරේට්" ගුවන් සේවයයි.
ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී සියලු අංශයන්ගෙන් පෙන්නුම් කරන ලබන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රිය මනාප ක්‍රියා කලාපය, නවීන ගුවන් යානා භාවිතය,ගුවන් යානාවන්ගේ සුරක්ෂිතභාවය, ඉස්තරම් නඩත්තුව,පිරිසිදු භාවය සහ අහාර පානවල ඇති අනර්ඝත්වය වැනි කරුණු මෙම සමික්ෂණයේදී සැලකිල්ලට ගෙන ඇත.
ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී සියලු අංශයන්ගෙන් පෙන්නුම් කරන යනු ලබන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රිය මනාප ක්‍රියා කලාපය, නවීන ගුවන් යානා භාවිතය,ගුවන් යානාවන්ගේ සුරක්ෂිතභාවය, කාලසටහන හැකිතරම් දුරට නිවැරදිව පවත්වාගෙන යාම, යානාවන්ගේ ඉස්තරම් නඩත්තුව,පිරිසිදු භාවය සහ අහාර පානවල ඇති අනර්ගත්වය වැනි කරුණු මෙම සමික්ෂනයේදී සැලකිල්ලට ගෙන තිබේ.
මෙම සමීක්ෂණයට අනුව ලොව හොඳම ගුවන් සේවා පහ ලෙසට නම් කර ඇත්තේ කැතේ පැසිෆික්, කටාර් ගුවන් සමාගම, සිංගප්පුරු ගුවන් සමාගම, එමිරේට්ස් ගුවන් සමාගම සහ තුර්කි ගුවන් සමාගමයි. මේ අතරට ලෝකයේ විශාලතම ගුවන් සමාගම් ඇති අමෙරිකාවෙන් හෝ යුරෝපයෙන් එකම ගුවන් සමාගමක්වත් තෙරිපත්ව් නොතිබීම විශේෂත්වයකි.
මෙම සම්මානය ලබාගත් කැතේ පැසිෆික් සමාගමේ සාමාන්‍යාධිකාරී ඉවාන් චු පැවසුවේ මෙය " තම ගුවන් සමාගමට මෙන්ම හොංකොං දේශයටත් ප්‍රෞඩ දිනයක් බවයි.
මෙම සමීක්ෂණය සඳහා ලොව වටා විවිධ රටවල ගුවන් මගීහූ දෙකොටියක් පමණ ප්‍රතිචාර ලබාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එයාර් ලයින් එකේ ගුවන් සේවිකාවන් හිතාගෙන ඉන්න හැටි නම් බොහොම කණගාටුදායකයි (නි)
රජින්ද ඔබ හරි. අපේ කට්ටිය,ලංකාවේ උපන් අයෙක් ගාව පිටරට ගුවන් ගමන් බලපත්‍රයක් තියෙනවා එහෙම දැක්කොත් කට කනේ.(නදී)
ඒ වුනාට එමිරේට්ස් සහ කටාර් ගුවන් සේවය ලබන අවුරුද්දේ මීට වඩා ඉස්සරහට ඒවි (නදී)
අම්මෝ! අපේ සමහර ගුවන් සේවිකාවන් ඉන්නේ ගුවන් යානය එයාලගේ වගෙයිනේ. (නි)
ලක්මාල්ට මමත් එකඟයි (නි)
පහන්, ලක්මාල් හරියටම හරි. අපේ ගුවන් යානයක යන්න ගියහම 'බැගේජ් කවුන්ටරයේ' සිට අපේම ගුවන් යානයේ අපේම මිනිසුන්ගේ ආඩම්බරකමයි මනුස්සකමක් නැතිකමයි නිසා මමත් මම දන්නා කියන හැමෝමත් ශ්‍රී ලන්කන්වල ලංකාවට යන්න-එන්න හිතන්නෙවත් නැහැ. (නි)
අපේ දේ නිසා වැඩිය විවේචනය නොකර ඉම්මු. (අ)
අපේ මැදපෙරදිග රැකියා කරන සහෝදර සහෝදරියන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෝරාගැනීම හැර, වෙනත් විකල්ප අඩුයි. ඒ නිසයි ඕක ඔය තරම්වත් අල්ලාගෙන ඉන්නේ.එම නිසා ඒ අයට ගරුසරු ඇතුව සළකන්න ඉගෙනගන්න අපේ ගුවන් සේවයේ නෝනාවරුනි. (නි)
පහන් , ලක්මාල් කියන දේත් එක්ක මමත් එකග වෙනවා . නිකන් නෙවි අත්දැකීමෙන්. (නදී)
පහන්ට මමත් එකඟයි (නි)
පහන්ගේ අදහස හරියටම හරි. අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය කවදාවත් එන්නේ නැහැ ඔය තැනට. මොකද අපේ ගුවන් සේවිකාවන්ගේ ආඩම්බරකම(සිනහව කියන දේ හඳුරන්නේ නැති ), අලසකම , මිත්‍රශීලි නොවන සේවය , ගුවන් ගමන් ප්‍රමාදය . යන කරුණු මත අපේ ගුවන් සේවය හැමදාම එක තැන (නි)
මම හිතන් හිටියේ හොඳම ගුවන් සේවා දෙකම ලංකාවේ කියල නේ. (අ)
තුර්කිය තියෙන්නේ කොහෙද ඇත්තටම? (ස)
සුභ පැතුම්! (නි)
ඇත්තටම හොදයි, අපේ එයාර් ලයින් එක තමයි සිංහලයට වැඩිම ආඩම්බරකම් පාන ගුවන් සේවිකාවන් ඉන්න ගුවන් සමාගම. ලස්සනයි කියල හිතාන ඉන්නේ (නදී)
මට නම් හොඳම අපේ එක. පුදුම විදියට ලාබත් ලබනවානේ (නි)
අපේ අය මේ තත්ත්වයට එන්නේ කවදාද? (නි)
ශ්රී ලන්කන් ගුවන් සමාගමේ කට්ටිය මේ අදහස් බැලුවා නම් හොඳයි. මොකද මේ කියන හැමදෙයක්ම ඇත්ත නිසා. (නි)
ඇයි ඇසළ අපේ වැරදී ගැන කතා නොකර ඉඳිමු කියන්නේ? හැමදාම වැරදි කරන්න දෙමු කියලද කියන්නේ? (නි)
ගුවන් යානා නිෂ්පාදනය කොට සේවාවන් ඉටුකරන යුරෝපයේ ගුවන් සමාගම් අභිබවා ආසිතික ගුවන් සමාගම් ලෝකයේ ඉදිරියෙන් සිටීම සතුටට කරුණක්. ඇරත් කැතේ ෆැසිපික් ගුවන් ගමන් වලදී ඉටුකරන අගනා සේවය මෙන්ම ප්‍රවේශ පත්‍ර මිල ගණන්ද ඉතාමත් සාධාරණයි (නි)