2015 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට ස්පාඤ්ඤයේ මීරියා ලලගුනා රෝයෝ සමත් වූවාය.
23 හැවිරිදි මීරියා චීනයේ සන්යා හිදී පැවැති අවසන් මහා තරගයේදී ලෝක රූ රැජිණ ලෙස තේරී පත්වූයේ ස්පාඤ්ඤයේ රූ රැජිණ ලෙස අභිෂේක ලැබීමෙන් පසු ලෝක රූ රැජිණ තරගාවලියේයට එක්වී ලොව පුරා රූප රැජිණියන් ගණනාවක් සමග තරග කිරීමෙන් පසුවය.
මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත් හිමිවිය.
කිරුළ හිමිකරගැනීමෙන් පසු අදහස් දක්වමින් ඇය කියා සිටියේ බාහිර පෙනුමින් සුන්දරම යුවතිය ලෙස තමා තේරී පත්වීම මගින් අර්ථ ගැන්වෙනුයේ අභ්‍යන්තර ගති ගුණවලින් තමා අසුන්දර බව නොවන බවයි. තමාගේ සිතුවිලි ගුණ යහපත්කම්ද අතිශය සුන්දර බව ඇය සඳහන් කළාය.
බාසිලෝනාවේ නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන මීරියා අන් අයට උදව් කිරීමෙන් අපට සතුට සොයාගත හැකි බව මාධ්‍ය හමුවේ පැවසුවාය.
ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වූයේ මෙවර මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් තිළිණි අමරසූරියයි. ලෝක රූ රැජිණ තරගාවලියේ අවසන් තරගකාරියන් 20 දෙනා අතරට පැමිණීමට ඇයට හැකියාව නොලැබිණි.
2025 නොවැම්බර් මස 04
518
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව සුන්දරම කත ස්පාඤ්ඤයේ
අමල් Monday, 21 December 2015 12:49 PM
හරිම ලස්සනයි. (ර)
නිශාන්ත Sunday, 20 December 2015 05:39 PM
අපේ රට ගැන ඇත්තටම දුකයි (නි)
ප්‍රියන්ත Monday, 21 December 2015 03:17 PM
අපේ රටෙන් යන්නේ හකු බැහැපු කාන්තාවන්නේ (බ)
සමන් Tuesday, 22 December 2015 08:49 AM
අපේ රටේ ගැහැණුන්ගේ කිසිම හැඩයක් ගතියක් නැහැනේ. බත්ම කාලා. (ර)
ධනුෂ්ක Tuesday, 22 December 2015 02:17 AM
නිශාන්ත, ඇයි අනේ ඔයාට දුක ? (බ)