2015 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට ස්පාඤ්ඤයේ මීරියා ලලගුනා රෝයෝ සමත් වූවාය.
23 හැවිරිදි මීරියා චීනයේ සන්යා හිදී පැවැති අවසන් මහා තරගයේදී ලෝක රූ රැජිණ ලෙස තේරී පත්වූයේ ස්පාඤ්ඤයේ රූ රැජිණ ලෙස අභිෂේක ලැබීමෙන් පසු ලෝක රූ රැජිණ තරගාවලියේයට එක්වී ලොව පුරා රූප රැජිණියන් ගණනාවක් සමග තරග කිරීමෙන් පසුවය.
මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත් හිමිවිය.
කිරුළ හිමිකරගැනීමෙන් පසු අදහස් දක්වමින් ඇය කියා සිටියේ බාහිර පෙනුමින් සුන්දරම යුවතිය ලෙස තමා තේරී පත්වීම මගින් අර්ථ ගැන්වෙනුයේ අභ්‍යන්තර ගති ගුණවලින් තමා අසුන්දර බව නොවන බවයි. තමාගේ සිතුවිලි ගුණ යහපත්කම්ද අතිශය සුන්දර බව ඇය සඳහන් කළාය.
බාසිලෝනාවේ නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන මීරියා අන් අයට උදව් කිරීමෙන් අපට සතුට සොයාගත හැකි බව මාධ්‍ය හමුවේ පැවසුවාය.
ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වූයේ මෙවර මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් තිළිණි අමරසූරියයි. ලෝක රූ රැජිණ තරගාවලියේ අවසන් තරගකාරියන් 20 දෙනා අතරට පැමිණීමට ඇයට හැකියාව නොලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. (ර)
අපේ රට ගැන ඇත්තටම දුකයි (නි)
අපේ රටෙන් යන්නේ හකු බැහැපු කාන්තාවන්නේ (බ)
අපේ රටේ ගැහැණුන්ගේ කිසිම හැඩයක් ගතියක් නැහැනේ. බත්ම කාලා. (ර)
නිශාන්ත, ඇයි අනේ ඔයාට දුක ? (බ)