ලොව විශාලතම ‘මිරිදිය මත්ස්‍යයා’ ලෙස සැලකෙන මීටර් 4 ක් දිග, කිලෝ ග්‍රෑම් 300 ක් බර මඩුයකු මීකොං ගංගාවෙන් හමුවී තිබේ.
මෙම මඩුවා හමුවී ඇත්තේ කාම්බෝජයේ ගැමියන් පිරිසකටය. මඩුවන් අයත් වන්නේ මත්ස්‍ය විශේෂ අතරට වන අතර, ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයන් ලෙස මෙම මඩුවන් සැලකෙයි.
මිකොං ගංගාවෙන් හමුවුණු මෙම යෝධ මඩුවා අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට ද අවස්ථාවක් ලැබුණු අතර, සත්වයාගේ සිරුරේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් සවි කර ඌ ආපසු ගංගාවට මුදා හැරීම සිදුවිය.
ඉලෙක්ට්‍රොනික උපාංගය හරහා මඩුවාගේ ජීවන රටාව ගැන අවබෝධයක් ලබා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ. හමුවුණු මෙම යෝධ මඩුවා ගැහැනු සත්වයකු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා
zeylanicus Tuesday, 21 June 2022 11:32 PM
උගේ වාසනාව. මෙහෙදී අහු වුණා නම් මරලා කිලෝ ගාණට විකුණනවා..