
ලොව විශාලතම ‘මිරිදිය මත්ස්‍යයා’ ලෙස සැලකෙන මීටර් 4 ක් දිග, කිලෝ ග්‍රෑම් 300 ක් බර මඩුයකු මීකොං ගංගාවෙන් හමුවී තිබේ.
මෙම මඩුවා හමුවී ඇත්තේ කාම්බෝජයේ ගැමියන් පිරිසකටය. මඩුවන් අයත් වන්නේ මත්ස්‍ය විශේෂ අතරට වන අතර, ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයන් ලෙස මෙම මඩුවන් සැලකෙයි.
මිකොං ගංගාවෙන් හමුවුණු මෙම යෝධ මඩුවා අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට ද අවස්ථාවක් ලැබුණු අතර, සත්වයාගේ සිරුරේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් සවි කර ඌ ආපසු ගංගාවට මුදා හැරීම සිදුවිය.
ඉලෙක්ට්‍රොනික උපාංගය හරහා මඩුවාගේ ජීවන රටාව ගැන අවබෝධයක් ලබා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ. හමුවුණු මෙම යෝධ මඩුවා ගැහැනු සත්වයකු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගේ වාසනාව. මෙහෙදී අහු වුණා නම් මරලා කිලෝ ගාණට විකුණනවා..