IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්

ලොව මෙතෙක් හමුවූ විශාලතම ස්වභාවික මුතු ඇටය පිලිපීනයෙන් හමුවූ බව විදෙස් පුවත් සේවා පවසයි.

එය කිලෝ 34ක් බර එකක් බව එරට බලධාරීහු කියති.

ධීවරයකුට මීට වසර 10කට පෙර මෙය හමුවී ඇති අතර පසුව ඔහු එය පිලිපීන බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ඉන්පසු එහි වටිනාකම ගණනය කිරීම ඇරඹූ බවත් එරට ආරංචි කියයි.

‘ඔහු එය රැගෙන ආ විට අප පුදුමයට පත්වුණා‘ යැයි බලධාරීහු කියති.

මුතුව සෙන්ටිමීටර් 61ක් පළලින් හා සෙන්ටිමීටර් 30ක් දිගින් යුතු බවත් කිලෝ 6.4ක් බරැති මීට පෙර ලොව විශාලතම මුතුව ලෙස සොයාගත් චීනයේ වාර්තාව පහසුවෙන්ම බිඳ දැමිය හැකිවන බවත් පිලිපීනය පවසයි.

pearl90887656_swns_giant_pearl_01



අදහස් (0)

ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්

බොනී Thursday, 25 August 2016 08:35 PM

මෙය නම් පුදුමාකාරයි (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 25 August 2016 12:53 PM

ඇත්ත මුතු ඇටය මෙහෙම නම් බෙල්ලාගේ ශරීර ප්‍රමාණය කොහොම ඇද්ද (නි)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Wednesday, 24 August 2016 05:01 PM

අපේ ඒ සුන්දර මුතුඇටය වෙනස්කළේ දේශපාලුවෝ (නි)

:       0       0

ලක්ෂි Wednesday, 24 August 2016 06:31 AM

දැන් ඉන්දියන් සාගරේ මුතු අැටේට වටිනා කමක් නැද්ද (බ)

:       0       0

පාලිත Friday, 26 August 2016 12:16 AM

ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා ලංකාවට කිවුවේ එහි පිහිටීමේ හැඩයට (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 August 2016 02:32 PM

මාලක මේක තඩි බෙල්ලෙකුගේ (බ)

:       0       0

මාලක Thursday, 25 August 2016 01:40 AM

ශ්‍රීනා, ඒ දේශපාලුවන් පත්කළේ කවුද? මා අසා තිබෙන විදිහට ස්වභාවික මුතු ඇට හැදෙන්නේ බෙල්ලෙකු තුළට ඇතුළුවන ද්‍රව්‍ය එළියට තල්ලු කිරීමේ වෑයමේදී පිටකරන ශ්‍රාවයන් ඝනවීමෙන් කියයි. නමුත් මෙය එසේ සෑදුනක් ලෙස සිතීමට අමාරුයි (නි)

:       0       0

අසෝකා Wednesday, 24 August 2016 11:59 AM

ලෝකයේ වටිනාම මුතු ගැන තවම ඔබ දන් නැහැ වගෙයි... "එකමුතු" කමට වැඩියෙන් කොයි මුතුත් මිලයෙන් අඩුයි... (ර)

:       0       0

අනුරාධ Wednesday, 24 August 2016 01:11 PM

අන්න හරි අශෝකා,(හේ)

:       0       0

බෙන් Friday, 26 August 2016 10:17 AM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

රුවන් Wednesday, 24 August 2016 01:14 PM

ආ දැන් එ්ක ඉන්දියන් සාගරේ අමුතු ඇටේ. ඒක නැති කළේ ඔයාලමයි. අපි මෙහෙ ඉඳන් බලා ඉන්නේ අපේ රටට වෙන විනාශේ (බ)

:       0       0

ඇඩම් Wednesday, 24 August 2016 02:50 PM

මුතු ඇටය දැන් අමුතු ඇටය වෙලා තියෙන්නේ.(රේ)

:       0       0

සිතුමිණි - ලන්ඩන් Wednesday, 24 August 2016 09:29 AM

ලක්ෂි, ඒ ඉස්සර, 1960 ගණන් වල. දැන් ඒ මුතු ඇටේට එහෙම කියන්නේ නැහැ. ඒ මුතු ඇටේ ඉවරෙටම ඉවරයි. අපිට අපේ වාසනාවන්ත රට නැතිවුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 603 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site