IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ලොව විශාලතම නගරය ජකර්තා

එක්සත් ජාතීන්ගේ ලෝක නාගරීකරණ නවතම වාර්තාවකට අනුව, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ලොව විශාලතම නගරය බවට පත් වී ඇත. ජකර්තා අගනුවර නිවහන කරගත් ගණන මිලියන 41.9 යැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ එම වාර්තාවකට අනුව, ලොව දෙවැනියට විශාලතම නගරය බංග්ලාදේශයේ ඩකා අගනුවරය. ඩකා අගනුවර ජනගනය මිලියන 36.6 කි.

ජකර්තා අගනුවර පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවට අයත් ජාවා දූපතේ බටහිර දෙසින් පිහිටි පහත් බිම් සහිත වෙරළබඩ ප්‍රදේශයකය.

2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබුණේ ලොව විශාලතම නගරය ජපානයේ ටෝකියෝ බවය. එම අවස්ථාවේදී ජකර්තා අගනුවර පැවැතියේ දෙවැනි ස්ථානයේය.

2000 වසරේ ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ නවතම තක්සේරුවේදී ලොව විශාලතම නගරය ලෙස නම් කර තිබූ ටෝකියෝ නගරය වෙනුවට, දෙවන ස්ථානයේ සිට පළමු ස්ථානයට පැමිණ ඇත. නවතම වාර්තාවේ දැක්වෙන අන්දමට, මේ වනවිට ටෝකියෝ නගරය ඇත්තේ තෙවැනි ස්ථානයේය. එහි ජනගහණය මිලියන 33.4 කි.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව අන්දමට දෙවැනි ස්ථානයේ පසුවන ඩකා අගනුවර 2050 වසර වෙද්දී ලොව විශාලතම නගරය බවට පත්වනු ඇත.



අදහස් (0)

ලොව විශාලතම නගරය ජකර්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site