
පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් විය. මෙම සුනඛයාගේ නම බොබී ය.
බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30 ක් බව ගිනස් කමිටුව පවසයි. සාමාන්‍යයෙන් රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයේ සුනඛයකු ජීවත් වන්නේ අවුරුදු 12 ක් හෝ 14 ක් පමණි.
පෙබරවාරි පළමු වැනිදා වනවිට බෝබීගේ වයස මෙම අවුරුදු 30 ක් සහ දින 226 ක් බව ද පැවැසෙයි. බොබීගේ හිමිකරු ලයනල් කොස්තාය. බොබී ජීවත් වන්නේ පෘතුගාලයේ බටහිර වෙරළ තීරයට අයත් කොන්කිරෝස් ගම්මානයේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභ පැතුම් .නිදුක් නිරෝගී දීර්ඝායුෂ