ජපානයේ ජීවත්වූ ලොව වයස්ගතම පුද්ගලයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසය අවුරුදු 113 ජීවත් වී ඇති ජපන් ජාතික මසාසෝ මොනාකා නැමති වයස්ගතම පුද්ගලයා නිවසේ නිදාගෙන සිටියදී මිය ගොස් ඇත.
මෙම විශාල චරිතය අහිමි වීම ගැන අපි කම්පනයට පත්වන බව ඔහුගේ මිනිපිරිය ජපන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියාය.
මසාසෝ මොනාකා වර්ෂ 1905 ජූලි 25 වැනිදා උපත ලබා ඇති අතර සහෝදරයක් 6 දෙනෙක් සහ එක් සහෝදරියක් සහිත විශාල පවුලක සාමාජිකයෙකි.
ඇල්බට් අයින්ස්ටයින්ස් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කර වර්ෂයේ මොහු උපත ලබා ඇති අතර, ලෝක යුද්ධ දෙකක් ඇතුළු දීර්ඝකාලීන ඉතිහාසයක ජීවත් වූ පුද්ගලයෙකි.
1931 දී ඔහු විවාහා වී ඇති අතර දරුවන් පස්දෙනෙක් සිටිති.
රූපවාහිනියෙන් සුමෝ ක්‍රීඩා සහ නාට්‍ය නරඹමින්, රසකැවිලි ආහාරයට ගනිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ බව පවුලේ සාමාජිකයෝ පවසති.
පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඔහුගේ වයස අවුරුදු 112 ක් සහ දින 259 ක් වූ බැවින් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කරන ලදී.
ජපානයේ පුරවැසියට දිගු ආයු අපේක්ෂාවක් ඇති අතර වයස්ගත වූ ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
(63226)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි