ලොව ජීවත්ව සිටි වයස්ගතම කාන්තාව බව කියන සුසන්නා මුෂාට් ජෝන්ස් අවුරුදු 116 දී ඇමරිකාවේ නිව්යෝක්හිදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජෝන්ස් 1899 දී ඇමරිකා එක්සත් ජනපදියේ දකුණු ප්‍රදේශයේ අලබාමා හිදී උපත ලද්දාය.
1922දී උපාධිය ලබාගත් ඇය උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූවාය. පසුව ඇය නිව්ජර්සි හා නිව්යෝක්හි පදිංචිව සිටියාය. ඇය ගෘහ සේවිකාවක හා ළමාරක්ෂාව සපයන්නියක ලෙස සේවය කළාය.
ඇය නිව්යෝක් නුවරට පැමිණි පසු ඇගේ උසස් පාසලේ සමකාලීනයන් කණ්ඩායමක් සමග අප්‍රිකා හා ඇමරිකා තරුණ කතුන්ට පාසල් යාම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ පදනමක් ඇරඹුවාය.
ගිනස් ලෝක වාර්තා සහ නිව්යෝක්හි වැන්ඩාලියා ජ්‍යෙෂ්ඨ සංසදය ට අනුව එම තොරතුරු සනාථ කළ හැකි බව එන්ඩීටීවී පුවත් සේවය පවසයි.
ඇය 1965දී විශ්‍රාම ගොස් ඇති අතර ඇගේ දීර්ඝායුෂ සඳහා හේතුව වැඩි නින්ද බව ඇය කියා ඇත. එසේම ඇය කිසිදාක දුම්පානය හෝ ඇල්කොහොල් පාවිච්චි කර නැති බවද පැවසේ. මෙතෙක් ලොව වාසය කළ වයස්ගතම තැනැත්තා ලෙස සනාථ කරගෙන ඇත්තේ ප්‍රංශයේ ජෙආනා කැල්මෙන්ට්ය. ඇය 1997 දී මිය ගිය අතර ඒ වන විට ඇයට වයස අවුරු 122 දින 164 ක් විය.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වයස්ගතම කත මියයයි