IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොව වටිනාම මුද්දරය යළි වෙන්දේසියේ

ලොව වටිනාම මුද්දරය දැන් ලන්ඩන් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය තව නොබෝ දිනකින් ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සකට පමණ අළෙවි වනු ඇතැයි ද පැවසේ.

මේ මුද්දරය 1856 දී දකුණු ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපදයක මුද්‍රණය කරන ලද්දකි. එහි වටිනාකම ශතයකි. දම්පැහැති කඩදාසියක එය මුද්‍රණය කැර ඇත.

මේ මුද්දරය අවසන් වරට ප්‍රදර්ශනය කරන ලද්දේ 1986 වර්ෂයේ දී ය. අවස්ථා තුනකදී පමණක් මෙම මුද්දරය ප්‍රසිද්ධ වෙන්දේසියේදී විකුණා ඇති අතර එම අගය මුද්දරයක් සඳහා වු ඉහළම අගය සඳහා ලෝක වාර්තාවක් තබා තිබේ.

නිව්යෝර්ක් හි ජුනි 17 වෙනිදා පවත්වන වෙන්දේසියේදී  මෙම විශිෂ්ඨ තැපැල් මුද්දරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන විස්සක මිලක් ලැබේ යැයි බලාපොරොත්තු තබා ඇත..

1873 දි දකුණු ඇමරිකාවේ ඇති  බ්‍රිතාන්‍ය කොලනියක් වු බ්‍රිතාන්‍ය ගයානා හි වාසය කරණ ස්කොට්ලන්ත ජාතික ළමයෙකුට තම පවුලේ තොරතුරු සටහන් ව ඇති කඩදාසි අතර තිබී හමුවි ඇති මෙම කදිම මුද්දරය ඔහුගේ මුද්දර එකතුවට එක්කරගෙන තිබේ. නමුත් මෙම මුද්දරය දුර්ලබ ගනයේ එකක් බව ඔහු දැන සිටියේ නැත.

පසුව මෙම ළමයා විසින් එම වසරේදී ම අඩු මුදලකට මුද්දරය විකුණා ඇති අතර වසර පහක් තුල ඕස්ට්‍රෙලියානු  වංශාධිපතියෙක් හා කීර්තිමත් මුද්දර එකතුකරන්නකු වු පිලිපේ ලා රෙනොටයිරේ වොන් ෆිරරෙ ගේ මුද්දර එකතුවට ගෙන තිබේ.

මෙම වංශාධිපතියා තම මුද්දර එකතුවේ උරුමය බර්ලින් කෞතුකාගාරයට පවරා දීමෙන් පසුව 1920 දී පළමු ලෝක යුද්ධයේ ජර්මනියේ  වන්දි ලෙස ප්‍රංශයේ සන්තතියට පත්ව ඇත. ඔවුන් මුද්දරය නිව්යොර්ක් හි ධන කුවේරයෙකුට විකුණා ඇත.

අවසානයේදී 1980 දී රසායන ද්‍රව්‍ය සමාගමක අයිතිකරුවෙක්වු ජෝන් ඩු පොන්ට් විසින් වාර්තාගත මිලක් වු පවුම් 560,000 ක මුදලකට මේ මුද්දරය ලබාගෙන තිබේ.

දැන් සෝතිබිස්ගේ වෙන්දේසි කරුවන් විසින් මුද්දරය යළි වෙන්දේසි කිරීමට සූදානම්ව ඇත. එම සමාගමේ අධ්‍යක්ෂ වන ඩේවිඩ් රෙඩන් පවසන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ හමුවු විශ්මය ජනක දෙය නම් මෙම මුද්දරය බවයි.



අදහස් (0)

ලොව වටිනාම මුද්දරය යළි වෙන්දේසියේ

තිලක් Thursday, 12 June 2014 08:33 AM

කොච්චර වටිනා මුද්දරයක් වුණත් වැඩක් නැහැනේ. මොකද යටපැත්තේ කෙළ ගාලා, හොඳ පැත්තේ කළු පාට සීල් එකක් ගහනවානේ (නි)

:       0       0

සිතිජ Saturday, 14 June 2014 01:31 PM

කැත මුද්දරයක්.පෙනුමෙන් කිසි වටිනාකමක් පෙන්නේ නැහැ.(අ)

:       0       0

චන්දි Saturday, 14 June 2014 03:17 AM

බලන්න අත් මේස දාල අල්ලන්නේ. අපේ රටේ නම් කොහෙද (දී)

:       0       0

ඔලීනා Sunday, 15 June 2014 10:51 AM

බලමුකෝ ඒකට‍ කොපමණ වටිනාමක් ලැබෙයිද කියලා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 14 June 2014 11:04 AM

ඒක හරියටම ශ්‍රී ලංකාවේ ඉඩම් විකුනනවා වාගේ තමා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site