IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොව ලොකුම රතු ගඩොල් පල්ලිය

ප්‍රංශයේ දකුණු දිශාවේ ස්පාඤ්ඤ උතුරු දේශ සීමාවට ආසන්නව මිදි පිරණේ සුන්දර කදු වැටි වලින් අඩක් වසා ගත් ලැන්ගුසුඩොක් රුස්ලෝන් හා මිදි පිරණේ යන පරිපාලන පළාත් දෙක හරහා ගලා යන කි:මි: 381 දිග නිල්වන් ත්‍රාන් ගංඟාව දෙපසට එක්වූ  තුලූස් යනුවෙන් හදුන්වන දකුනු දිග ප්‍රංශයේ සුප්‍රසිද්ධ නගරයට කි:මි: 60ක දුරින් පිහිටි පෞරා‚ක මෙන්ම ඉතිහාසාත්මක වටිනාකමක් ලෝකයට එක්කර ඇති සුන්දර නගරයකි ඇල්බි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනේස්කෝ ආයතනය විසින් ලැයිස්තු ගත කැරුණ පෞරාණික වස්තූ අතරට එක්වන මෙම නගරය හරහා ගලා යන ත්‍රාන් නම් ගංඟාව ඇල්බි නගරයට අසල්වැසි ගම්මාන 15කට පමණ දිය පහස ලබා දෙමින් ඊට නුදුරින් පිහිටා ඇති ලෝකයේ විශ්මිත නිපැයුමක් ලෙස හදුන්වන ලෝකයේ උසම පාලම සිටුවා ඇති දැවැන්ත කොන්ක්‍රීට් පාද අතරින් මධ්‍යධරණී මුහුදට ගලා බසී.

මෙවැනි පරිසරයක පිහිටි මෙම සුන්දර ග්‍රාමයේ රතු ගඩොලින් නිමවූ ලෝකයේ විශාලතම හා පැර‚ පූජනීය කතෝලික දේවස්ථානයක් පිහිටා තිබේ. දෙවැන හා සිව්වැනි සියවසට අයත් වර්ෂ 1282 දී ආරම්භ කර වර්ෂ 1480 දී අවසන් කළ දිග මීටර 113ක්, පළල මීටර 35ක්, උස මීටර 78 ලෙස ගණනය කර ඇති සම්පූර්ණයෙන්ම රතු ගඩොලින් අවසන් කල මෙම දේවස්ථානය රෝමානු කතෝලික ගෘහ නිර්මාණයේ ආරම්භක අවස්ථාව පිලිබිඹු කරන අතරම කතෝලික ඕර්තඩොක්ස් සම්ප්‍රදායික ගෘහ නිර්මාණයෙන් දේවස්ථානයේ ඇතුළත අලංකාර කොට ඇත්තේය.

පෞරාණික මෝස්තරවලින් හැඩ ගැන්වූ සියලූම කැටයම් ගොතික් කලා ශිල්පයට අයත්වේ. ගොතික් කලා ශිල්පය ප්‍රංශයේ ආරම්භක ගෘහ නිර්මාණයේ ප්‍රධාන තැන ගත් හා එකල ප්‍රසිද්ධ මෝස්තර ශිල්පය ලෙස ප්‍රංශ ඉතිහාසයට එක්වේ. දේවස්ථානයට යාබදව පිහිටා ඇති බෙර්බි මන්දිරයද එම සියවසටම අයත් යුනෙස්කෝ පුරා වස්තුවක් වන මෙම මන්දිරය අද වන විට කෞතුකාගාරයක් බවට පත්කර ඇත්තේය.

18 හා 19 වන සියවසේ ප්‍රංශයේ ජීවත්වූ චිත්‍ර කලාවට දක්ෂ එම ශිල්පයේ ප්‍රවීනයෙක් වූ හෙන්රි ඩේ තුලූස් ලූට්රෙක් ශිල්පියාගේ මන බන්ධන පැර‚ චිත්‍ර වලින් ඉහත කෞතුකාගාරය වර්නවත් වී කලා කෞතුකාගාරයක් බවට පත්වී ඇත.

මේ වටා පිහිටි බොහෝ ගොඩනැගිලි රතු ගඩොලින් නිම කළ රතු ගඩොල් ග්‍රාමයත් , ගම මැදින් ගලා බසින ත්‍රාන් ගංඟාවේ දෙඉවුර එක් කළ එම ගඩොලින් නිමවූ දැවැන්ත ආරුක්කු හැඩැති පාලම් ඇල්බි ගම එක් කොට රතු පාට පරිසරයක් මුළු ගමටම එක් කොට ඇත්තේය.

ගම වටා සංචාරය දෙවැනි හා සිව්වැනි සියවසේ පරිසරයක සිරියාව මතකයට එක් කරයි. කිතුනු දහම් ඉතිහාසයේ පූජණියත්වයෙන් සලකන හා කිතුනු සංගීතයේ මව් ලෙස සලකන කිතුනුවන්ගේ පිදුම් ලබන සෙන්ට් ෂිසිලියා  නම් ශුද්ධ වූ කන්‍යා තුමියගේ නමින් මෙම දේවස්ථානය නම් කර ඇත්තේය. එතුමියගේ ජීවිත කථාවේ තුල  ඇල්බි ග්‍රාමය ඇයගේ තුරුණු විය පසුකල සුවිශේෂි ස්ථානයකි.

මෙම දේවස්ථානයේ පූජා හා එක්වෙන ගීතිකා ඇගේ සංගීතයේ සියුම් මිහිරි ස්වරය දේවස්ථානයේ දෝංකාර වුයේය. ඒ එදාය. අද ද එම මිහිරි හඬ බිත්ති මත එල්ලා ඇති ශබ්ද පෙට්ටි වලින් ශ්‍රවනය කළ හැක්කේය.

මෙම සියලූ කරුණු හේතු කොට ඉහත කිතුනු දේවස්ථානය බොහෝ දෙනාගේ ගෞරවයටත් වැදුම් පිදුම් ලැබීමටත් පාත්‍රවී ඇත්තේය. දේවස්ථානයට හිමි ඵෙතිහාසික පුරාණය හේතු කොට බොහෝ සංචාරකයෝ මෙහි පැමිණෙති.

ආරුක්කු හැඩති රතු පාළම්, එක ගොඩට ගොඩ නැගුණු රතු මහල් නිවාස, හා දේවස්ථානය අසලින් ගලා බසින ත්‍රාන් ගංතෙර දෙපස ඉවුර මත පිය නඟන දියනිය, තාත්ති මේ පැත්තේ හුස්ම ගන්න හරි පහසුයි නේද? ඒ කිව්වේ පුතේ ?පැරීසියේ වගේ නෙමෙයි නේ. ඒක මට දැනුණා පුතේ. මම ආසයි මෙහේ ඉන්න. ඒ මොකද? මෙහේ පිරිසිදු ඔක්සිජන් තියෙනවා. ඒක නම් ඇත්ත පුතේ. දියණිය සමග නිවාඩුවක් ගත කල දින දෙක තුනක් පිරිසිදු ඔක්සිජන් ආශ්වාස ප්‍රශ්වාස ලැබූ මම දියණිය විදුහලේ තනි කොට අධිවේගයෙන් පැරීසියට පැමිණියෙමි

_____-___-_____-__ ______-_______--______--_____-_______--_________-_____ ________-______-_____-____-___-_______-____-_____-_______--_________-_____-03 ________-______-_____-____-___-_______-____-_____-_______--_________-01 Albi,-Cathedrale-Ste-Cecile-(8) Palais-de-la-Berbie

 

 



අදහස් (0)

ලොව ලොකුම රතු ගඩොල් පල්ලිය

ගිහාන් බාලසූරිය Monday, 08 September 2014 06:35 AM

ලස්සනයි ඇත්තටම. දැක්කමත් ආසයි. ශාන්ත පරිසරයක්, යන්නමත් හිතෙනවා ගිහින්ම බලන්න ඇත්නම්....ස්තුතියි. (නදී)

:       0       0

නිමල් ජ ගුණසේකර Saturday, 06 September 2014 01:49 AM

මචන්, අපි එදා උඹව විසිට් කරපු වෙලේ මේ පල්ලිය ගැන දැන ගෙන හිටියා නම් එ්කත් බලන්න යන්න තිබුණා. ආයිත් අවොත් බලමු. නියම දැනුවත් කිරීමක්. සුධර්මා හා දරු කැල මතක් කරන්න. ස්තුතියි ගොඩක් (නදී)

:       0       0

තබිත Saturday, 06 September 2014 05:04 AM

මේ දේවස්ථානය තුල ඉතාම ශාන්ත පරිසරයක්. මේ පින්තූර දැක්කම හිත සන්සුන් වෙනවා. හරිම අගෙයි. මටත් යන්න හිතෙනවා. මනසට සිසිල ගෙනෙන සෙන්ට් ෂිසිලියා. (නදී)

:       0       0

මනෝරි Tuesday, 09 September 2014 04:38 AM

හරිම ලස්සන පින්තූර (නදී)

:       0       0

ඇන්ටන් Monday, 08 September 2014 09:41 AM

අලංකාර දසුන් පෙළක් මෙන්ම වටිනා තොරතුරු ටිකක් (නි)

:       0       0

කුමුදු අතපත්තු Saturday, 06 September 2014 06:25 AM

ස්තුතියි මේ වගේ සුන්දර ස්ථාන පෙන්නුවට බොහෝ විස්තර ඇතිව. පුළුවන් උනොත් දවසක යන්න ආස හිතෙනවා. (නදී)

:       0       0

රජින්ද Friday, 05 September 2014 02:59 PM

අතීශය මනරම් දසුන් මවන සිත්තරෙකුගේ අද්විතීය නිපැයුමක් සේ හැගේ.! හුගක් වටිනා වැදගත් ස්ථානයක් හා සටහනකි. (දී)

:       0       0

ධම්ම Sunday, 07 September 2014 06:17 AM

තනිකරම ගල් පර්වතයක් තුළ ඉදිකෙරුණු ලස්සන කැටයම් නිර්මාණ ඇති දේවස්ථානයක් ඉතියෝපියාවේ තියෙනවා.පුරාණයේ ඇබිසීනියාව නමින් හැඳින්වූ මේ රටේ ජනතාව ඔවුන්ගේ ඉතිහාසය ගැන කතා කරන්නේ හරිම ආඩම්බරයෙන්. (නි)

:       0       0

මංජු Friday, 05 September 2014 03:44 PM

හරිම ලස්සනයි (අ)

:       0       0

සඳුනි Friday, 05 September 2014 04:01 PM

ෂා.ගිහින් බලන්න තියෙනවා නම්(අ)

:       0       0

රජීව් Monday, 08 September 2014 01:16 PM

සුන්දරයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site