ප්‍රංශයේ දකුණු දිශාවේ ස්පාඤ්ඤ උතුරු දේශ සීමාවට ආසන්නව මිදි පිරණේ සුන්දර කදු වැටි වලින් අඩක් වසා ගත් ලැන්ගුසුඩොක් රුස්ලෝන් හා මිදි පිරණේ යන පරිපාලන පළාත් දෙක හරහා ගලා යන කි:මි: 381 දිග නිල්වන් ත්‍රාන් ගංඟාව දෙපසට එක්වූ තුලූස් යනුවෙන් හදුන්වන දකුනු දිග ප්‍රංශයේ සුප්‍රසිද්ධ නගරයට කි:මි: 60ක දුරින් පිහිටි පෞරා‚ක මෙන්ම ඉතිහාසාත්මක වටිනාකමක් ලෝකයට එක්කර ඇති සුන්දර නගරයකි ඇල්බි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනේස්කෝ ආයතනය විසින් ලැයිස්තු ගත කැරුණ පෞරාණික වස්තූ අතරට එක්වන මෙම නගරය හරහා ගලා යන ත්‍රාන් නම් ගංඟාව ඇල්බි නගරයට අසල්වැසි ගම්මාන 15කට පමණ දිය පහස ලබා දෙමින් ඊට නුදුරින් පිහිටා ඇති ලෝකයේ විශ්මිත නිපැයුමක් ලෙස හදුන්වන ලෝකයේ උසම පාලම සිටුවා ඇති දැවැන්ත කොන්ක්‍රීට් පාද අතරින් මධ්‍යධරණී මුහුදට ගලා බසී.
මෙවැනි පරිසරයක පිහිටි මෙම සුන්දර ග්‍රාමයේ රතු ගඩොලින් නිමවූ ලෝකයේ විශාලතම හා පැර‚ පූජනීය කතෝලික දේවස්ථානයක් පිහිටා තිබේ. දෙවැන හා සිව්වැනි සියවසට අයත් වර්ෂ 1282 දී ආරම්භ කර වර්ෂ 1480 දී අවසන් කළ දිග මීටර 113ක්, පළල මීටර 35ක්, උස මීටර 78 ලෙස ගණනය කර ඇති සම්පූර්ණයෙන්ම රතු ගඩොලින් අවසන් කල මෙම දේවස්ථානය රෝමානු කතෝලික ගෘහ නිර්මාණයේ ආරම්භක අවස්ථාව පිලිබිඹු කරන අතරම කතෝලික ඕර්තඩොක්ස් සම්ප්‍රදායික ගෘහ නිර්මාණයෙන් දේවස්ථානයේ ඇතුළත අලංකාර කොට ඇත්තේය.
පෞරාණික මෝස්තරවලින් හැඩ ගැන්වූ සියලූම කැටයම් ගොතික් කලා ශිල්පයට අයත්වේ. ගොතික් කලා ශිල්පය ප්‍රංශයේ ආරම්භක ගෘහ නිර්මාණයේ ප්‍රධාන තැන ගත් හා එකල ප්‍රසිද්ධ මෝස්තර ශිල්පය ලෙස ප්‍රංශ ඉතිහාසයට එක්වේ. දේවස්ථානයට යාබදව පිහිටා ඇති බෙර්බි මන්දිරයද එම සියවසටම අයත් යුනෙස්කෝ පුරා වස්තුවක් වන මෙම මන්දිරය අද වන විට කෞතුකාගාරයක් බවට පත්කර ඇත්තේය.
18 හා 19 වන සියවසේ ප්‍රංශයේ ජීවත්වූ චිත්‍ර කලාවට දක්ෂ එම ශිල්පයේ ප්‍රවීනයෙක් වූ හෙන්රි ඩේ තුලූස් ලූට්රෙක් ශිල්පියාගේ මන බන්ධන පැර‚ චිත්‍ර වලින් ඉහත කෞතුකාගාරය වර්නවත් වී කලා කෞතුකාගාරයක් බවට පත්වී ඇත.
මේ වටා පිහිටි බොහෝ ගොඩනැගිලි රතු ගඩොලින් නිම කළ රතු ගඩොල් ග්‍රාමයත් , ගම මැදින් ගලා බසින ත්‍රාන් ගංඟාවේ දෙඉවුර එක් කළ එම ගඩොලින් නිමවූ දැවැන්ත ආරුක්කු හැඩැති පාලම් ඇල්බි ගම එක් කොට රතු පාට පරිසරයක් මුළු ගමටම එක් කොට ඇත්තේය.
ගම වටා සංචාරය දෙවැනි හා සිව්වැනි සියවසේ පරිසරයක සිරියාව මතකයට එක් කරයි. කිතුනු දහම් ඉතිහාසයේ පූජණියත්වයෙන් සලකන හා කිතුනු සංගීතයේ මව් ලෙස සලකන කිතුනුවන්ගේ පිදුම් ලබන සෙන්ට් ෂිසිලියා නම් ශුද්ධ වූ කන්‍යා තුමියගේ නමින් මෙම දේවස්ථානය නම් කර ඇත්තේය. එතුමියගේ ජීවිත කථාවේ තුල ඇල්බි ග්‍රාමය ඇයගේ තුරුණු විය පසුකල සුවිශේෂි ස්ථානයකි.
මෙම දේවස්ථානයේ පූජා හා එක්වෙන ගීතිකා ඇගේ සංගීතයේ සියුම් මිහිරි ස්වරය දේවස්ථානයේ දෝංකාර වුයේය. ඒ එදාය. අද ද එම මිහිරි හඬ බිත්ති මත එල්ලා ඇති ශබ්ද පෙට්ටි වලින් ශ්‍රවනය කළ හැක්කේය.
මෙම සියලූ කරුණු හේතු කොට ඉහත කිතුනු දේවස්ථානය බොහෝ දෙනාගේ ගෞරවයටත් වැදුම් පිදුම් ලැබීමටත් පාත්‍රවී ඇත්තේය. දේවස්ථානයට හිමි ඵෙතිහාසික පුරාණය හේතු කොට බොහෝ සංචාරකයෝ මෙහි පැමිණෙති.
ආරුක්කු හැඩති රතු පාළම්, එක ගොඩට ගොඩ නැගුණු රතු මහල් නිවාස, හා දේවස්ථානය අසලින් ගලා බසින ත්‍රාන් ගංතෙර දෙපස ඉවුර මත පිය නඟන දියනිය, තාත්ති මේ පැත්තේ හුස්ම ගන්න හරි පහසුයි නේද? ඒ කිව්වේ පුතේ ?පැරීසියේ වගේ නෙමෙයි නේ. ඒක මට දැනුණා පුතේ. මම ආසයි මෙහේ ඉන්න. ඒ මොකද? මෙහේ පිරිසිදු ඔක්සිජන් තියෙනවා. ඒක නම් ඇත්ත පුතේ. දියණිය සමග නිවාඩුවක් ගත කල දින දෙක තුනක් පිරිසිදු ඔක්සිජන් ආශ්වාස ප්‍රශ්වාස ලැබූ මම දියණිය විදුහලේ තනි කොට අධිවේගයෙන් පැරීසියට පැමිණියෙමි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි ඇත්තටම. දැක්කමත් ආසයි. ශාන්ත පරිසරයක්, යන්නමත් හිතෙනවා ගිහින්ම බලන්න ඇත්නම්....ස්තුතියි. (නදී)
මචන්, අපි එදා උඹව විසිට් කරපු වෙලේ මේ පල්ලිය ගැන දැන ගෙන හිටියා නම් එ්කත් බලන්න යන්න තිබුණා. ආයිත් අවොත් බලමු. නියම දැනුවත් කිරීමක්. සුධර්මා හා දරු කැල මතක් කරන්න. ස්තුතියි ගොඩක් (නදී)
මේ දේවස්ථානය තුල ඉතාම ශාන්ත පරිසරයක්. මේ පින්තූර දැක්කම හිත සන්සුන් වෙනවා. හරිම අගෙයි. මටත් යන්න හිතෙනවා. මනසට සිසිල ගෙනෙන සෙන්ට් ෂිසිලියා. (නදී)
හරිම ලස්සන පින්තූර (නදී)
අලංකාර දසුන් පෙළක් මෙන්ම වටිනා තොරතුරු ටිකක් (නි)
ස්තුතියි මේ වගේ සුන්දර ස්ථාන පෙන්නුවට බොහෝ විස්තර ඇතිව. පුළුවන් උනොත් දවසක යන්න ආස හිතෙනවා. (නදී)
අතීශය මනරම් දසුන් මවන සිත්තරෙකුගේ අද්විතීය නිපැයුමක් සේ හැගේ.! හුගක් වටිනා වැදගත් ස්ථානයක් හා සටහනකි. (දී)
තනිකරම ගල් පර්වතයක් තුළ ඉදිකෙරුණු ලස්සන කැටයම් නිර්මාණ ඇති දේවස්ථානයක් ඉතියෝපියාවේ තියෙනවා.පුරාණයේ ඇබිසීනියාව නමින් හැඳින්වූ මේ රටේ ජනතාව ඔවුන්ගේ ඉතිහාසය ගැන කතා කරන්නේ හරිම ආඩම්බරයෙන්. (නි)
හරිම ලස්සනයි (අ)
ෂා.ගිහින් බලන්න තියෙනවා නම්(අ)
සුන්දරයි (නදී)