ලොව ලොකුම බොරුකාරයා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යැයි වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් චෝදනා නගයි.
පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටීමට හේතුව ඉම්රාන් ඛාන්ගේ ‘බොරු’ සහ ඔහුගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති යැයි ද ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙසේ පැවැසුවේ ‘ද ගාඩියන්’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, දේශීය සහ විදේශීය වශයෙන් පාකිස්තානයට කළ හානිය අතිමහත් බව ද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැවැසීය.
ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී දිගින් දිගටම කියා සිටියේ ඔහු බලයෙන් නෙරපා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් කුමන්ත්‍රණය කළේ ඇමෙරිකාව සමඟ හවුල් වෙමින් බවය.
ඉම්රාන් ඛාන් ලොව ලොකුම බොරුකාරයා යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් චෝදනා කරන්නේ මේ සම්බන්ධවය. එදා විශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දමද්දී පාකිස්තාන විපක්ෂ එම දේශපාලන කණ්ඩායම්වලට නායකත්වය දුන්නේ විපක්ෂ නායක ධුරය හෙබවූ ෂෙහ්බාස් ෂරීෆ් ය.
එදා ඉම්රාන් ඛාන් බොරු කියමින් තම ප්‍රතිරූපය විනාශ කිරිමට උත්සාහ ගත් බවත්, මේ වනවිට ඉම්රාන් දිගින් දිගටම බොරු කියමින් පාකිස්තාන වැසියන් නොමඟ හැරීමට උත්සාහ ගන්නා බවත් ෂෙහ්බාස් ෂරීෆ් සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැවැසීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd