IMG-LOGO

ලොව ලොකුම බොරුකාරයා හිටපු අගමැති ඉම්රාන් ඛාන්

ලොව ලොකුම බොරුකාරයා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යැයි වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් චෝදනා නගයි.

පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටීමට හේතුව ඉම්රාන් ඛාන්ගේ ‘බොරු’ සහ ඔහුගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති යැයි ද ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙසේ පැවැසුවේ ‘ද ගාඩියන්’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, දේශීය සහ විදේශීය වශයෙන් පාකිස්තානයට කළ හානිය අතිමහත් බව ද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැවැසීය.

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී දිගින් දිගටම කියා සිටියේ ඔහු බලයෙන් නෙරපා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් කුමන්ත්‍රණය කළේ ඇමෙරිකාව සමඟ හවුල් වෙමින් බවය.

ඉම්රාන් ඛාන් ලොව ලොකුම බොරුකාරයා යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් චෝදනා කරන්නේ මේ සම්බන්ධවය. එදා විශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දමද්දී පාකිස්තාන විපක්ෂ එම දේශපාලන කණ්ඩායම්වලට නායකත්වය දුන්නේ විපක්ෂ නායක ධුරය හෙබවූ ෂෙහ්බාස් ෂරීෆ් ය.

එදා ඉම්රාන් ඛාන් බොරු කියමින් තම ප්‍රතිරූපය විනාශ කිරිමට උත්සාහ ගත් බවත්, මේ වනවිට ඉම්රාන් දිගින් දිගටම බොරු කියමින් පාකිස්තාන වැසියන් නොමඟ හැරීමට උත්සාහ ගන්නා බවත් ෂෙහ්බාස් ෂරීෆ් සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැවැසීය.

(රොයිටර්)



අදහස් (0)

ලොව ලොකුම බොරුකාරයා හිටපු අගමැති ඉම්රාන් ඛාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site