මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන් වරාය වෙත ගමන් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පීටර් ෂෙල්ටේ ලෙස නම් කැර ඇති මේ නැවේ දිග අඩි අඩි 1253කි. පළල අඩි 407 කි. ටොන් 48,000ක බරක් උසුලාගෙන සිටීමේ හැකියාව මේ නෞකාව සතුය.
මුහුදේ සිදුවන තෙල් ලිං කැණීමේ කටයුතු වෙනුවෙන් මේ නැව නිපදවූ බව එය නිපදවූ කොරියාවේ ඩෙවෝ හෙවි ඉන්ඩස්ට්‍රි නමැති සමාගම පවසයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97ක වියදමකින් සාදා ඇති නැවේ අයිතිය ඇත්තේ ස්විස් සමාගමක් වූ ඕල්සීස් සමාගමටය. එම සමාගම මුහුදේ තෙල් නළ සවිකිරීමට ඇතුළු සාගරයේ ඉදිකිරීම් සඳහා නමක් දිනාගත් සමාගමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මේ පුංචි රට ඇයි මෙච්චර දිළිඳු තත්වයෙන් හැමදාමත්. නයෙන් බර රටක් වෙන්න තරම් අපේ රටේ තියෙන සම්පත් වලට මොකද වෙන්නේ.ලෝකයේ බොහෝ රටවල් සීග්‍රයෙන් දියුණු වෙද්දී අපේ මේ පුංචි රට ඇයි මෙච්චර මන්දගාමී ගමනක යෙදෙන්නේ. (නදී)
මේක අපේ රටේ හැදුවා නම් හදපු කෙනා එල්ලුම් ගස් යනවා. එයාලගේ දියුණුවට ජය වේවා ! (නදී)
ඉසුරන්දි දෝහා, අපේ රට සූරාගෙන යන්නේ ඉන්දියාවට 1792 සිටයි. (නි)
පරිස්සමින් "ටයිටැනික්" මතක් වෙනවා. (නදී)
දකුණු කොරියාව ගැන ආඩම්බරයි. (ර)
මෙපමණ ලොකු නැති වුනත් ලොකු නැව් අයිති ලාංකිකයන් සිටිනවා , (හේ)
රටක් දියුනු කිරීමට පාලකයන් අාදර්ශමත් විය යුතුයි. කිසිම පක්ෂයක් එය පෙන්වන්නේ නැහැ (නදී)
හම්බන්තොටට වරායට මේ නැවත් එයිද? (නදී)
අපි දියූණූ නැද්ද? අපේ ලක්ෂ 20කගේ හදගැස්ම එකයි. (නි)
හිරාන්, මට පෙන්නේ සමන්ති හම්බන්තොට වෙන්න ඕන. (ර)
එසුරන්දී :මේක ලංකාවේ දේසපාලනයේ වැරැද්ද.කව්රු ආවත් මෙච්චර තමා .මහින්ද 11 කරා.කෝ ...(ස)
මේ වගේ නැවක යන්න මටත් අවස්ථාවක් ලැබුනානම්.(හේ)
මේ වගේ අත්දැකීමක් අපේ ලංකාවට කරන්න පුළුවන් නම් ජාත්‍යන්තරය ඉදිරියේ අපි හපනුන් වේවි (නි)
ඔය තරමටම ලොකු නැතිවුණාට දකුණු ආසියාවට හොඳම නැව් හදන රට අපේ රටයි (නි)
අපිට මෙ වගේ නැවු ඕන නැහැ.... අපිට සුපර් ස්ටාර්ස් ලා ඉන්න වානෙ...... අපිට නව සොයාගැනීම් ඕන නැහැ..... අපිට රියල් ස්ටාර්ස් ලා ඉන්න වානෙ.. අපිට ලෝකේ ඉදිරියට යන්න ඕන නැහැ.... අපිට පොඩි හරක් පටිටියක් තිබිබහම අැති............... ස්ටාර්ස් ලා දාන්න.......(අ)
මෙම නැවට රළු මුහුදේ ගමන් කිරීමට අපහසු විය හැකියි. (නදී)
අපි අද කල යුත්තේ පටු දූපත් දේශපාලනය නොව රටේ දියුණුව උදෙසා කරන දේශපාලන වෙනස් කම් වලට සහය දීමය, 2010 පක්ෂ නායකයෙක් ලෙස ජනාධිපති තරඟයට ඉදිරිපත් නොවූ රනිල් 2014 දීත් ඉදිරිපත් නොවේ. ආනයන නායකත්ව මනසක් ඇති එජාපයට ඡන්දය දීමට තරම් ලක් ජනයා මැට්ටෝ ද ?? (ස)
නැව ගිලුනත් බෑන් චුන්. (නදී)
මේ නෑවේ එච්චර විශාලත්වයක් පේන්න නෑ.(හේ)
කොරියානු යුද්ධයෙන් පසු දිළිඳු රටක්වූ දකුණු කොරියාව ඇති කරගෙන ඇති දියුණුවේ තරම මෙයින් පෙන්නුම් කරනවා. (නදී)
සචිත්, ඔබගේ අදහසට මම එකඟයි. කොළඹ නැව් තටාකාංගනය. එ්ක තමා දකුණු ආසියාවේ පොඩි හොදම නැව් හදන්නේ (නදී)
සමන්ති,මෝඩ කතා කියන්න එපා.ඔයාගේ ගම කොහෙද? (නි)
ලංකාවටත් ආවොත් හොඳයි නේද? (නි)
ජයවේවා.(හේ)
ඉසුරන්දි දෝහා , මේ පුංචි රටේ අගය මිල කළ නොහැක. නමුත් අද තත්ත්වය ගැන ඇත්තේ දුකකි (නි)
මේ නැව අපේ රටට එන්නේ එහෙම නැද්ද.(හේ)