ලෝකයේ මිටිම මිනිසා ලෙස වාර්තා වූ නේපාලයේ චන්ද්‍ර ඩන්ගි (75) නියුමෝනියා රෝගයෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

පැසිෆික් සාගරයේ ඇමරිකානු කොලනියක් වූ පැගෝ පැගෝහි ලින්ඩන් බි ජොන්සන් නිවර්තන වෛද්‍ය මධ්‍යස්ථානයේ දී ඔහු මියගියේය. මරණයට හේතුව නියුමෝනියා රෝගයයැයි රෝහල් ආරංචි කියයි. මියයනතුරුම ඔහු ඉන්දියාවේ සුප්‍රසිද්ධ රැම්බෝ සර්කස් කණ්ඩායමේ සේවකයකු වූයේය.

අඟල් 21.5ක් උස ඩන්ගි 2012 වර්ෂයේ දී ලෝකයේ සිටින මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත් වූයේය. ඩන්ගි ගිනස් වාර්තා පොතට ඇතුලත්වීමට පෙර ලොව මිටිම මිනිසා ලෙස වාර්තාපොතට ඇතුලත්ව සිටියේ ඉන්දියාවේ සිටි ගුල් මොහොමඩ්ය. ඔහු අඟල් 22.5ක් උසැතිය. 1997 දී අවුරුදු 40ක් වූ හෙතෙම මියගියේය.

The world 1 - Copy The world 2 The world 3 The world 4