ගිනස් ලෝක වාර්තා අනුව ඇවිදීමට හැකියාව සහිත ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වුණු අවුරුදු 27ක් වයසැති නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගර් මියගොස් ඇතැයි වාර්තා වේ.
නේපාලයේ බග්ලුන්ග් දිස්ත්‍රික්කයේ ජීවත් වූ ඔහුගේ උස සෙන්ටිමීටර් 67.08කි.
නිව්මෝනියාව රෝගයෙන් නේපාලයේ රෝහලකදී තාපා මාගර් මියගිය බව ඔහුගේ සොහොයුරා සනාථ කර ඇත.
මාගර් මහතා ලොව කුඩාම මිනිසා ලෙස 2010 වර්ෂයේදී සිය 18 වන උපන්දිනය වෙනුවෙන් දේශීය සහ ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් සහභාගී වූ උත්සවයකදී සම්මානයට පාත්‍ර විය.
" මම කුඩා මිනිසකු ලෙස නොසිතමි. මම ලොකු මිනිසෙකි. කුඩා මිනිසකු බව සනාථ වීම හේතුවෙන් මට සහ මගේ පවුලට නිසි නිවසක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මම සිතමි." යැයි ඔහු ඒ අවස්ථාවේදී පැවසීය.
මීට පෙර ලොව මිටිම මිනිසා ලෙස හැඳන්වුනු නේපාලයේ චන්ද්‍ර බහදූර් ඩංගි මියගිය පසු තාපා මාගර්ට එම විරුදාවලිය ලැබිණි.
නේපාලයේ සංචාරක ව්‍යාපාරයේ නිල සන්නාමයක් බවට පත්ව සිටි තාපා ලොව පුරා සංචාරය කළ අතර යුරෝපයේ සහ ඇමරිකාවේ රූපවාහිනී නාලිකාවල ජනප්‍රිය චරිතයක් ද විය.

(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd