IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලොව මිටිම මිනිසා මිය යයි

ගිනස් ලෝක වාර්තා අනුව ඇවිදීමට හැකියාව සහිත ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වුණු අවුරුදු 27ක් වයසැති නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගර්  මියගොස් ඇතැයි වාර්තා වේ.

නේපාලයේ බග්ලුන්ග් දිස්ත්‍රික්කයේ ජීවත් වූ ඔහුගේ උස සෙන්ටිමීටර් 67.08කි.

නිව්මෝනියාව රෝගයෙන් නේපාලයේ රෝහලකදී තාපා මාගර් මියගිය බව ඔහුගේ සොහොයුරා සනාථ කර ඇත.

මාගර් මහතා ලොව කුඩාම මිනිසා ලෙස 2010 වර්ෂයේදී සිය 18 වන උපන්දිනය වෙනුවෙන් දේශීය සහ ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් සහභාගී වූ උත්සවයකදී සම්මානයට පාත්‍ර විය.

" මම කුඩා මිනිසකු ලෙස නොසිතමි. මම ලොකු මිනිසෙකි. කුඩා මිනිසකු බව සනාථ වීම හේතුවෙන් මට සහ මගේ පවුලට නිසි නිවසක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මම සිතමි." යැයි ඔහු ඒ අවස්ථාවේදී පැවසීය.

මීට පෙර ලොව මිටිම මිනිසා ලෙස හැඳන්වුනු නේපාලයේ චන්ද්‍ර බහදූර් ඩංගි මියගිය පසු තාපා මාගර්ට එම විරුදාවලිය ලැබිණි.

නේපාලයේ සංචාරක ව්‍යාපාරයේ නිල සන්නාමයක් බවට පත්ව සිටි තාපා ලොව පුරා සංචාරය කළ අතර යුරෝපයේ සහ ඇමරිකාවේ රූපවාහිනී නාලිකාවල ජනප්‍රිය චරිතයක් ද විය.



(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ලොව මිටිම මිනිසා මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site