
නාසයට ඉසින දියරයක් ලෙස නිපදවූ ලොව පළමු 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත එළිදක්වමින් එය ලියාපදිංචි කිරීමට රුසියාව පියවර ගෙන ඇත.
මෙම 'නාසික එන්නත' රුසියාවේ ගැමලේයා ආයතනයේ නිෂ්පාදනය කෙරෙන 'ස්පුට්නික් 5' එන්තේම තවත් අදියරකි.
එන්නත් කටුවලට බියක් දක්වන කෙනකුට සුදුසුම එන්නත වන්නේ මෙම නාසික එන්නත බව 'ස්පුට්නික්' එන්නත නිපදවන රුසියන් රජයට අයත් ගැමලේයා ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.
ලොව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස සැලකෙන්නේ ද 'ස්පුට්නික්' ය. කෙසේ නමුත් 'ස්පුට්නික්' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd