අසීරු ශල්‍යකර්මය සඳහා සහ රෝග සුවකිරීම සඳහා භාවිතා කළ හැකි ලොව ප්‍රථම ජීවමාන රොබෝවා නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
ගෙම්බන්ගේ ප්‍රාථමික සෛල භාවිතා කරමින් නිපදවා ඇති “සෙනබොට්ස්” නම් මෙම සජීවී යන්ත්‍රයට ස්වයං සුවකිරීමේ විශිෂ්ට හැකියාවක් ඇති බව විද්‍යාඥයෝ පවසති.
සෙනොබොට්ස් ලෙවිස් නම් අප්‍රිකානු මැඩියන් විශේෂයක ප්‍රාථමික සෛල උපයෝගී කරගෙන මෙම රොබෝවා නිර්මාණය කර තිබේ.
ඇවිදීමට, පිහිණීමට, කණ්ඩායම් වශයෙන් එකට වැඩ කිරීමට හා ආහාර නොමැතිව සති ගණනක් ජීවත්වීමට හැකියාව සහිත මෙම රෝබෝවා ප්‍රමාණයෙන් මිලිමීටරයකට වඩා කුඩාය.
මිනිස් කළලවල විකෘතීන් නිවැරදි කිරීම, හානියට පත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිවැරදි කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ක්ෂුද්‍ර රොබෝවා යොදාගත හැකි බව එය නිපදවූ විද්‍යාඥයෝ පවසති.
මෙම නිපැයුමත් සමඟ රොබෝ තාක්ෂණයේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදුවනු ඇති බවට පර්යේෂකයෝ අනාවැකි පළ කරති.
(සීඑන්එන් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd