IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලොව ප්‍රථම ජීවමාන රොබෝවා නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයෝ සමත්වෙති

අසීරු ශල්‍යකර්මය සඳහා සහ රෝග සුවකිරීම සඳහා භාවිතා කළ හැකි ලොව ප්‍රථම ජීවමාන රොබෝවා නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

ගෙම්බන්ගේ ප්‍රාථමික සෛල භාවිතා කරමින් නිපදවා ඇති “සෙනබොට්ස්” නම් මෙම සජීවී යන්ත්‍රයට ස්වයං සුවකිරීමේ විශිෂ්ට හැකියාවක් ඇති බව විද්‍යාඥයෝ පවසති.

සෙනොබොට්ස් ලෙවිස් නම් අප්‍රිකානු මැඩියන් විශේෂයක ප්‍රාථමික සෛල උපයෝගී කරගෙන මෙම රොබෝවා නිර්මාණය කර තිබේ.

ඇවිදීමට, පිහිණීමට, කණ්ඩායම් වශයෙන් එකට වැඩ කිරීමට හා ආහාර නොමැතිව සති ගණනක් ජීවත්වීමට හැකියාව සහිත මෙම රෝබෝවා ප්‍රමාණයෙන් මිලිමීටරයකට වඩා කුඩාය.

මිනිස් කළලවල විකෘතීන් නිවැරදි කිරීම, හානියට පත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිවැරදි කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ක්ෂුද්‍ර රොබෝවා යොදාගත හැකි බව එය නිපදවූ විද්‍යාඥයෝ පවසති.

මෙම නිපැයුමත් සමඟ රොබෝ තාක්ෂණයේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදුවනු ඇති බවට පර්යේෂකයෝ අනාවැකි පළ කරති.

(සීඑන්එන් ඇසුරිණි - 085)



අදහස් (0)

ලොව ප්‍රථම ජීවමාන රොබෝවා නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයෝ සමත්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site