ලොව සතුටින්ම ජීවත්වන රටවල් අතරින් ෆින්ලන්තය නැවතත් ඉදිරියෙන් සිටීමට සමත් වී ඇත.
 
රටවල් 156 ක රටවල්වල දත්ත අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකළ නවතම වාර්තාවකට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.
 
දකුණු සුඩානය ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානයට පත්ව ඇති අතර ඒ අනුව ලොව අසතුටින්ම සිටින ජනතාව ඇත්තේ දකුණු සුඩානයේය.
 
මෙම ශ්‍රේණිගත කිරීහ සඳහා ඒක පුද්ගල ආදායම, සමාජය සහයෝගිතාවය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, සමාජීය නිදහස, ත්‍යාගශීලිබව සහ දූෂණයෙන් තොරවීම වැනි කරුණු පිළිබඳ අවදානය යොමු කර ඇත.
 
 නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් පෙරමුණේ සිටින අතර  එක්සත් ජනපදය 19 වන ස්ථානයේ පසුවෙයි.


(රොයිටර් ඇසුරෙනි)
 
63226