IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව පැරණිතම ග්‍රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගනී

ලොව පැරණිතම ග්‍රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන තිබෙන බව විද්‍යාඥයෝ පවසති. 

ඕස්ට්‍රේලියාවේ බටහිර යාරබුබ්බා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති  මෙම ආවාටය  මීට වසර බිලියන 2.2කට පමණ පෙර ග්‍රහකයක් කඩා වැටීමෙන් නිර්මාණය වී ඇත.

එම ආවාටය පෘථිවි වයසින් අඩක් පමණ පැරණි බවත් ආවාටයේ ඇති ඛණිජ පරීක්ෂා කිරීමෙන් වයස නිගමනය කළ බවත් විද්‍යාඥයෝ පවසති. මෙහිදි සර්කෝන් සහ මොනසයිට් කුඩා ස්ඵටික පරික්ෂා කර ඇත.

ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ පිරිසක් විසින් සිදුකළ ඇති මෙම පර්යේෂණයේ වාර්තාව නේචර් කොමියුනිකේෂන්ස් සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.

ආවාටය 1979 වර්ෂයේදී සොයාගෙන ඇති නමුත් භූ විද්‍යාඥයින් මීට පෙර එය කෙතරම් පැරණිදැයි පරීක්ෂා කර නොතිබිණි. 

කෙසේවුවද විද්‍යාඥයින් පවසන්නේ ආවාටය එතරම් පැරණි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා නොකළ බවයි.

පෘථිවි ගෝලය අයිස් වලින් ආවරණය වී තිබූ අවධියේ ග්‍රහකය කඩාවැටී ඇති අතර එය කිලෝමීටරයක තරම් අයිස් තට්ටුවකට පහර දෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සඳහන් කරති.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ලොව පැරණිතම ග්‍රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site