ලොව පැරණිතම ග්‍රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන තිබෙන බව විද්‍යාඥයෝ පවසති.
ඕස්ට්‍රේලියාවේ බටහිර යාරබුබ්බා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මෙම ආවාටය මීට වසර බිලියන 2.2කට පමණ පෙර ග්‍රහකයක් කඩා වැටීමෙන් නිර්මාණය වී ඇත.
එම ආවාටය පෘථිවි වයසින් අඩක් පමණ පැරණි බවත් ආවාටයේ ඇති ඛණිජ පරීක්ෂා කිරීමෙන් වයස නිගමනය කළ බවත් විද්‍යාඥයෝ පවසති. මෙහිදි සර්කෝන් සහ මොනසයිට් කුඩා ස්ඵටික පරික්ෂා කර ඇත.
ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ පිරිසක් විසින් සිදුකළ ඇති මෙම පර්යේෂණයේ වාර්තාව නේචර් කොමියුනිකේෂන්ස් සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.
ආවාටය 1979 වර්ෂයේදී සොයාගෙන ඇති නමුත් භූ විද්‍යාඥයින් මීට පෙර එය කෙතරම් පැරණිදැයි පරීක්ෂා කර නොතිබිණි.
කෙසේවුවද විද්‍යාඥයින් පවසන්නේ ආවාටය එතරම් පැරණි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා නොකළ බවයි.
පෘථිවි ගෝලය අයිස් වලින් ආවරණය වී තිබූ අවධියේ ග්‍රහකය කඩාවැටී ඇති අතර එය කිලෝමීටරයක තරම් අයිස් තට්ටුවකට පහර දෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd