ලොව ප්‍රකට සංකේතාත්මක භූමි ලක්ෂණ රාශියක් ඇත. ඒ ඇතැම් ස්ථාන ස්වභාවික නිර්මාණය වන අතර ඇතැම් සංකේත මිනිසා විසින් නිර්මාණය කැර ඇත. මේ භූමි දර්ශන ලෝකයේ ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ එහි අලංකාරත්වය වැඩිදියුණු කරන ආකාරයෙනි.
එසේ වුව ද මේ ප්‍රකට ස්ථාන සාමාන්‍යයෙන් අප දැක පුරුදු කෝණයෙන් හැර වෙනත් කෝණයකින් දුටුවහොත් එය අප දන්නා ස්ථානය ද යන සැකයක් මතුවන තරමට ඒ ස්ථාන වෙනස් ස්වරූපයකින් දර්ශනය වේ.
1. ඉන්දියාවේ පිහිටි ටජ් මහල් මන්දිරය ලෝක උරුමයකි. එය වඩාත් ප්‍රකටව ඇත්තේ මේ කෝණයෙනි. එවිට ටජ් මහල් මන්දිරය වඩාත් අලංකාර ලෙස දිස්වේ.
ටජ් මහල් මන්දිරය පිහිටි ස්ථානයේ සැබෑ තත්ත්වය මේ ඡායාරූපයෙන් දැක්වේ.
2. ලොව ප්‍රකට දැවැන්ත පිරමීඩ අප දකින්නේ මෙවැනි ඡායාරූප වලිනි.
පැරණි ශිෂ්ඨාචාරයක අපූරු උරුමයක් වූ පිරමීඩ අද නාගරීකරණය වූ පරිසරයක් ආසන්නයේ පිහිටා ඇති මේ දර්ශනය කිසිදු ආකාරයකින් ප්‍රසිද්ධියට පත්වන්නේ නැත.
3. එක්සත් රාජධානියේ පිහිිටා ඇති මේ ශිලා ස්ථම්භ ලෝකයේ ඉතා ප්‍රකට භූමි දර්ශනයකි
ශිලා ස්ථම්භ භූමි දර්ශනයක් ලෙස යොදා ගන්නේ හුදකලා ආකාරයෙන් වුව ද එය පිහිටා ඇත්තේ ඉතා කාර්ය බහුල මහා මාර්ගයක් ආසන්නයේය.
4 ලොව ඉතා අලංකාර දිය ඇළි අතරින් නයගරා ඇල්ලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
නයගරා ඇල්ලේ ස්වභාවික සෞන්දර්යය ඉස්මතුවන ආකාරයෙන් ඡායාරූප ප්‍රසිද්ධියට පත්ව ඇතත් ඒ අවට ඇති ඉදිකිරීම් දක්නට ලැබෙන මෙවැනි ඡායාරූප ප්‍රසිද්ධියට පත්කැර නැත.
5. බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව ජර්මනියේ ප්‍රකට ස්ථානයකි. එය ලෝකය පුරා ප්‍රචලිත වී ඇති කැමරා කෝණයයි මේ
බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව පිහිටා ඇති ස්ථානය ජර්මනියේ සැබෑ ලෙස දර්ශනය වන්නේ මේ ආකාරයෙනි.
6. ග්‍රීසියේ ඇතන්ස් නගරයේ පිහිටි පාතිනන් දෙව් මැදුර ලොව පැරණිතම ආගමික ස්ථානයක් ලෙස ප්‍රකටගොඩනැගිල්ලකි.
පාතීනන් දෙව්මැදුර පිහිටි සැබෑ ස්ථානය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.
7. ලෝ ප්‍රකට පිළිරූ සහිත රුෂ්මෝ කඳුවැටිය වඩාත් ප්‍රකටව ඇත්තේ මේ ආකාරයෙනි
රුෂ්මෝ කඳුවැටිියේ සැබෑ ස්වරූපය මෙයයි.
8. චීනයේ බීජිං නගරයේ පිහිටා ඇති තහනම් නගරය වර්ෂ 1420 දී ගොඩනගන ලද්දකි. එය වඩාත් ප්‍රකට සංකේතාත්මක ගොඩනැගිල්ලකි.
චීනයේ පිහිටි තහනම් නගරය හුදකලා නොවූ මාළිගා සංකීර්ණයක් බව මේ ඡායාරූපයෙන් පැහැදිලිව දක්නට ලැබේ. නගරය මැද උළු සෙවිළි කළ වහළ සමූහය මේ පැරණි නගර සංකීර්ණයයි.
9. කඳුවැටියක් මත පිහිටුවා ඇති හොලිවුඩ් නම් වූ දැවැන්ත අකුරු සමූහය ලෝකයේ ප්‍රකට සංකේතයකි.
හොලිවුඩ් අකුරු සමූහය පිහිටා ඇති කන්ද ඇත්තේ ජනාකීර්ණ නගරයක් මධ්‍යෙය් බව මෙයින් පැහැදිලි වේ.
10. ලෝකයේ ප්‍රකට ම ප්‍රථිමා අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ලිබර්ටි ප්‍රථිමාව වැඩිපුරම දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.
ලිබර්ටි ප්‍රථිමාව සැබැවින්ම පිහිටා ඇත්තේ මේ ආකාරයෙනි



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයගරා නගරය හරිම ජනාකීර්ණ කැසිනෝ පොළවල් හා වෙනත් ක්‍රීඩා සහිත පටු පාරවල් සහිත වෙළඳ නගරයක්. (ස)
හොඳ සංසන්දනාත්මක පින්තුර පෙළක්.(නදී)
අති විශිස්ඨයි.(නදී)
මේවා දැනගන්න එක හොඳයි (නි)
මේ සියල්ල අතරින් ටජ්මහල සහ පිරමීඩ වලට අදාල යථාර්තය දැක්වෙන ඡායාරූප වලින් පෙන්වන දෙයින් ඇතිවන්නේ කණගාටුවක්. (නි)
ඔක්කොම හොඳයි. ඉන්දියාව තමයි අපිරිසිදු. (නි)
ඉතා දුර්ලභ වටිනා ඡායාරූප ටිකක්. ලංකාදීපයට ස්තුතියි! (නි)
හොඳ වටිනා ඡායාරූප පෙළක් ලංකාදීපයට ස්තුතියි.(නදී)
ඇයි අපේ පාර්ලිමේන්තුව ? (ස)
මම ඉන්නේ ඊජිප්තුවෙ. පිරමීඩ ලගට ගියාම ඔය පේනවාටත් වඩා වෙනස්.මේ මිනිස්සු පැත්තම ජරා කරනවා.මේ පින්තුර සේරම හොඳයි. ඉංදීය එක නැතිව. (ස)
ස්තූතියි ලංකාදීප! (නි)