IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලොව පුරා ගැටුම් නිසා මිලියන 65කට නිවාස අහිමි වෙලා

ජිනිවාහිදීය (ඒ.එෆ්.පී)

සිරියාව සහ දකුණු සුඩානය ඇතුළු ලොව පුරා තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් 2016 වසරේ අවසානය වනවිට මිලියන 65.6කට තම නිවාස අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (19) නිවේදනය කළේය.
එම සංඛ්‍යාව 2015 වසරට වඩා 300,000ක වැඩි වීමක් යැයි ද 2014 වසරේ අවසානය හා සැසඳීමේදී මිලියන හයක වැඩිවීමක් යැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 
“අපි දත්තා වාර්තා කිරීම ආරම්භ කළ පසු අපට ලැබුණු ඉහළම අගය මෙයයි” යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානී ෆිලිප්පෝ ග්‍රාන්දි පැවැසුවේය. 
“මෙය කිසිම ආකාරයකින් අනුමත කරන්න බැහැ. අර්බුද විසඳීම සඳහා පොදු අරමුණක් ඇති කරගත යුතු” යැයි ද ඔහු කීවේය. 
ලෝක සරණාගතයන්ගේ දිනයට සමගාමීව මෙම වාර්තාව එළිදැක්වූ අතර පසුගිය වසරේදී පමණක් මිලියන 10.3ක් තම නිවාස අතහැර දමාගොස් ඇති අතර ඊට ජාත්‍යන්තර දේශසීමා පසුකරමින් සරණාගතයන් බවට පත්වූ මිලියන 3.4ක පිරිස ද අයත්ය. 
සෑම තත්පර තුනකටම වරක් පුද්ගලයකු සරණගත තත්ත්වයට පත්වන බව ද අනාවරණය වී තිබේ.
“සෑම තත්පර තුනකටම වරක් සරණාගතයකු බිහිවෙනවා. එය ඔබ මේ වාක්‍යය කියවන්න ගන්නාවටත් වඩා අඩු කාලයක්” යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යලය නිකුත් කළ වාර්තාවේ දැක්විණි. 
බොහෝ පුද්ගලයන්ට තම නිවාසවලින් යන්නැයි බල කර තිබෙන අතර ඔවුන් අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයන් ලෙස හැඳින්වේ. වසර 2016 අවසානයේදී ලොව පුරා සිටින අභ්‍යන්තර අවතැන් වූවන්ගේ සංඛ්‍යාව එසේත් නැතිනම් රටතුළ අවතැන්වූවන්ගේ සංඛ්‍යාව මිලියන 40.3කි. එය පසුගිය වසරේ මිලියන 40.8ට සාපේක්ෂව අඩුය. සිරියාව, ඉරාකය සහ කොලොම්බියාව අභ්‍යන්තර අවතැන් වූවන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් බවට පත්ව තිබේ. ඔවුන්ගෙන් අඩුක්, එනම් මිලියන 22.5ක් දරුවන් වන බව ද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල නවතම වාර්තාව සඳහන් කරයි. 
වසර හයක් මුළුල්ලේ පවතින සිරියානු යුද්ධය හේතුවෙන් ආරක්ෂාව පතා මිලියන 5.5ක් තම රට අතහැර ගොස් තිබෙන අතර පසුගිය වසරේ පමණක් සිරියාව හැර ගිය සංඛ්‍යාව 825,000ක් යැයි සඳහන් ව තිබේ. ඒ අනුව ලොව වැඩිම සරණගාතයන් ප්‍රමාණයක් නිපදවන රට බවට සිරියාව පත්ව තිබේ. මිලියන 6.3කට ආසන්න පිරිසක් සිරියාව තුළ අවතැන්ව සිටින අතර එම දත්තවලට අනුව සිරියානුවන්ගෙන් තුනෙන් දෙකකට තම නිවාස අතහැර දමා යෑමට සිදුව තිබේ. 

055



අදහස් (0)

ලොව පුරා ගැටුම් නිසා මිලියන 65කට නිවාස අහිමි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site