ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනය ලෝක ජනගහනයෙන් දුප්පත්ම පිරිසෙන් අඩක් වන කෝටි 380කගේ වත්කමට සමාන යැයි ‘ඔක්ෆෑම්’ සංවිධානය අද (21) ප්‍රකාශ කළේය.
සිය නවතම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ‘ඔක්ෆෑම්’ සංවිධානය ඒ බව අනාවරණය කළේය.
ධනය බෙදීයෑමේ අසමානාත්මතාව වැඩි වෙමින් පවතින බවත් එම නිසා ලොව ධනවත් පිරිසට බදු පැනවිය යුතු බවත් එම සංවිධානය සිය වාර්තාව එළිදක්වමින් අවධාරණය කළේය.
ලෝක ආර්ථික සමුළුව පැවැත්වීමට දිනක් තිබියදී එම සංවිධානය සිය වාර්තාව එළිදැක්වීය. ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී හෙට (22) ආරම්භ වීමට නියමිතය.
පසුගිය වසරේදී ලොව පුරා සිටින බිලියනපතියන් සියලු දෙනාගේ සමස්ත වත්කම දෛනිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5කින් වැඩි වී ඇතැයි එම සංවිධානය සිය වාර්තාවෙන් පෙන්වාදෙයි.
ඔක්ස්ෆෑම් යනු එක්සත් රාජධානිය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ලාභ නොලබන සංවිධානයක් වන අතර දරිද්‍රතාව පිටු දැකීම එම සංවිධානයේ ප්‍රමුඛතම අරමුණයි. එම සංවිධානය ආරම්භ කරන ලද්දේ 1942 වසරේදීය.
ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ගේ වත්කම පසුගිය වසරේදී පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 112කින් වැඩි වී ඇතැයි ඔක්ස්ෆෑම් සංවිධානය පෙන්වාදෙයි. ඔහුගේ එම වත්කම මිලියන 105ක් ජීවත්වන ඉතියෝපියාව සෞඛ්‍ය සඳහා පමණක් වෙන් කරන මුදලට සමාන යැයි ද ඔක්ස්ෆෑම් සංවිධානය කියයි.
පසුගිය වසරේදී දරිද්‍රතා මට්ටම්වල පහළම අඩියේ සිටින බිලියන 3.8කගේ වත්කම සියයට 11කින් අඩු වී ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් දුප්පත් සහ පොහොසත් ජනකොටස් අතර හිඩැස වැඩි වී ඇති බවත් ඔක්ස්ෆෑම් සංවිධානය පෙන්වාදෙයි. මේ තත්ත්වය දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමේදී විශාල අභියෝගයක් සහ දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බවත් ආර්ථිකවලට හානි කර ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි. එපමණක් නොව මේ තත්ත්වය හේතුවෙන් මහජනතාව අතර කෝපය හා කලකිරීම උත්සන්න වී ඇතැයි එම සංවිධානය කියයි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනාගේ වත්කම දුප්පතුන් කෝටි 380 ගේ වත්කමට සමානයි