ලොව ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ මැක්කෙන්සී ගෙන් වෙන්වී විසි පස් වසරක විවහා ජීවිතයට සමු දීමට තීරණය කර ඇත.
ඔවුන් දික්කසාදයෙන් පසුව මිතුරන් ලෙස ඇසුරු කිරීමට තීරණය කර ඇත.
1993 දී මොවුන් විවාහා වී ඇති අතර ඔවුන්ට විවාහයෙන් දරුවන් සිව් දෙනෙක් සිටිති.
48 හැවිරිදි මැක්කෙන්සී ලේඛිකාවක් වන අතර විධායක අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කරයි.
ලොව ධනවත් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අභිබවා ඉදිරියට ඒමට ඇමසන්සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් සමත් විය.
වසර 25කට පෙර පිහිටවනු ලැබූ ඇමසන් සමාගම ලොව ධනවත්ම සමාගම් බවට පත් වී ඇති අතර 2013 අගෝස්තු 5 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 250කට ඇමරිකාවේ ප්‍රධාන පුවත්පත් සමාගම මිලදී ගත්තේය.
බ්ලුම්බර්ග් දර්ශකයට අනුව ඩොලර් බිලියන 137 ක් වටිනා ශුද්ධ වටිනාකම පිළිබඳ දික්කසාද නඩුවේදී තීරණයක් ගනු ඇත.
විවාහ ජීවිතය ගතකළ කාල සීමාවේ උපයා ගත් වත්කම් ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාගේම අයිතිවාසිකම් ලෙස සලකා ගිවිසුමට අනුව වත්කම සාධාරණව බෙදුනු ඇත.එහෙත් සාධාරණ බෙදීම් ලෙස සැමවිටම වත්කම සමව බෙදීම නොවේ යැයි දික්කසාද නීතිඥයෙකු පවසා ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලොව ධනවත්ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි