ලොව උසම පිරිමින් ලෙස නෙදර්ලන්ත ජාතිකයින්ද, ලොව උසම කාන්තාවන් ලෙස ලැට්වියන් කාන්තාවන් ද හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊ-ලයිෆ් සගරාව විසින් පලකළ පර්යේෂණයකට අනුවයි.නෙදර්ලන්ත පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි හයක් වන අතර ලැට්වියන් කාන්තාවන්ගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 7ක් වේ.1914 වසර සිට මේ දක්වා රටවල් 187ක දත්ත වාර්තා අනුව එම අධ්‍යයන වාර්තාව සකස් ක‍ර තිබිණි.ඒ අනුව එක්සත් රාජධානියේ පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 10ක් වන අතර කාන්තාවන්ගේ සාමාන්‍ය උස 5 අඟල් 5ක් වෙන බව එහි සදහන් වේ.

මිට පෙර එම සටහනේ තුන්වැනියට සිටි ඇමෙරිකාවේ පිරිමින්ගේ සාමාන්‍යය උස මේ වන විට 37 වන ස්ථානයටත් එම සටහනේ සිව්වැනි ස්ථානයේ සිටි ඇමෙරිකාවේ කාන්තාවන්ගේ සාමාන්‍යය උස මේ වන විට 42 ස්ථානයටත් පසු බැස තිබීම විශේෂත්වයකි.එමෙන්ම ලොව උසින් අඩුම සාමන්‍යය (පිරිමි) හිමිවන්නේ නැගෙනහිර ටිමෝර් ජාතිකයින්ට වන අතර කාන්තාවන්ගෙන් ලොව උසින් අඩුම සාමාන්‍යය හිමිවන්නේ ගෝතමාලාවේ කාන්තාවන්ට ය.ජපානය,චීනය සහ කොරියාව වැනි ආසියාතික ජාතීන්ගේ උස මිට වසර සියයකට පෙර තිබුනාට වඩා වර්ධනයක් පෙන්වන බව එහි සදහන් වේ.