
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඉතා මිත්‍රශීලී ආකාරයට මිනිත්තු 30 ක් තිස්සේ එම දුරකතන කතාබහ පැවැති බව ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පනවා ඇත. ඊට එක් හේතුවක් වන්නේ, ලූලා ද සිල්වාට පෙර බ්‍රසීලයේ ජනාධිපති ධුරය හෙබවූ යාර් බොල්සරානෝට එරෙහි පැවැති නඩු විභාගයයි.
බොල්සරානෝ දැඩි ට්‍රම්ප් හිතවාදියෙකි. ට්‍රම්ප් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පනවමින් චෝදනා කළේ, බොල්සරානෝට එරෙහිව ඇති චෝදනා ඉවත් කර ගන්නා ලෙසය.
කෙසේ නමුත් එවැන්නක් සිදු නොවිණි.
ලූලා ද සිල්වා සමඟ පැවැති සාකච්ඡාවේදී, තම රටේ නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු සහ නිලධාරීන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා තිබේ. ඉදිරියේ දි මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට ද මෙම දුරකථන සංවාදයේදි එකඟතාව පළවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd