ලයිබීරියාව එබෝලා වයිරසයෙන් නිදහස් රටක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. පසුගිය දින 42 දී ඉබෝලා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් කිසිවකු වාර්තා නොවීම හේතුවෙන් එම තීරණය ප්‍රකාශයට පත්කැර ඇත.
එබෝලා වෛරසය ශරිරගත වීමෙන් ලයිබීරියාව, ගිනියා සහ සියරා ලියොන් රාජ්‍යයන්හි 11,000ට වැඩි පිරිසක් මියගිය අතර ලයිබීරියාවෙන් මියගිය සංඛ්‍යාව 4700කි. ඒ අනුව වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ලයිබීරියාවෙනි.
අළුත් රෝගියකු දින 42කින් වාර්තා වී නැති බව පවසන පර්යේෂකයන් කියා සිටින්නේ දින 42 දී එබෝලා වෛරසයේ බීජෞෂණ කාල දෙකකට වඩා ගතවන බවයි. ලයිබීරියාවේ අවසන් එබෝලා මරණය වාර්තාවූයේ මාර්තු 27 වෙනි දිනයේය.
ලයිබීරියානු ජනාධිපති එලන් සර්ලිෆ් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ එබෝලා නැමැති තමන් නොදන්නා භයානක සතුරා පරාජය කිරීම හේතුවෙන් ලයිබීරියා ජනතාව ප්‍රීතිමත් ජාතියක් බවට පත්වී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොකු ජයග්‍රහණයක්. මේ වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජාකළ අය සදා අමරණීයයි (නි)