
ලයිබීරියාවේ ධජය සහිත බහාලුම් නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත් වීමෙන් පසු මුහුදේදී අනතුරට ලක් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, එම බහාලුම් නෞකාව පෙරැළීමට ලක්වුණු බවය.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රධානත්වයෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ විය. නෞකාව අනතුරට පත්වූයේ කොචි වෙරළේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි.
නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 24 දෙනාගෙන් නව දෙනකු ජීවිතාරක්ෂක භටයින් විසින් කඩිනමින් බේරාගත් අතර සෙසු 15 දෙනා ද බේරා ගැනීමට මෙහෙයුම් ආරම්භ කළ බව පැවැසිණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd