
සිදුහත් කුමරු උපත සිදුවුණු නේපාලයේ ලුම්බිණි නුවර ඉදිකෙරුණු ‘ගෞතම බුද්ධ’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කෙරුණි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිවු දින සංචාරයකට නේපාලයට ගිය අවස්ථාවේදීය.
ඇමරිකානු ඩොලර් මිලියන 76 ක් වැය කරමින් ඉදි කෙරුණු ගෞතම බුද්ධ ජාත්‍යන්තර තොටුපල සඳහා මූල්‍යාධාර සපයා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. එසේ වුවත්, ගුවන්තොටුපොළ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී ඇත්තේ චීන සමාගමකි.
යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ද වන ලුම්බිණියේ සිට කිලෝ මීටර් 19 ක් දුරින්, බයිරහවා ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ලුම්බිණිය දකුණු ආසියාවේ අනෙකුත් බෞද්ධ රටවල් සහ සමස්ත ලෝකය සමඟ ඍජුව සම්බන්ධ වන බව නේපාල රජය පෙන්වා දී තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd