IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ලිබියාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක්

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ප‍්‍රංශ තානාපති කාර්යාලයට ඊයේ (23) මරාගෙන මැරෙන කාර් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය.
ප‍්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ මුරට සිටි ලිබියානු හමුදා සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ලිබියානු නායක කර්නල් ගඩාෆි මරා ඔහුගේ පාලනය අවසන් කිරීමෙන් පසු, ටි‍්‍රපොලි අගනුවර විදෙස් තානාපති කාර්යලයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ පළමුවතාව මෙයයි. ප‍්‍රහාරයෙන් තානාපති නිලධාරීන්ට කිසිදු අනතුරක් සිදු නොවිණි.
ගඩාෆිගේ පාලනය පෙරළා දැමූ කැරැුලිකරුවන්ට සහාය දුන්නේ ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය සහ ඇමෙරිකාවයි. එම බටහිර රටවල් දුන් ආයුධ බිම තැබීමට ඇතැම් කැරැුලිකාර කණ්ඩායම් කැමැත්ත පළ කර නැත.
ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවූ රජයට එරෙහිවත් ලිබියාවේ සිටින විදේශිකයන්ට එරෙහිවත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ ඔවුන්ය. තානාපති කාර්යාලයට එල්ල කළ එම බෝම්බ ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි මෙතක් හඳුනා ගෙන නැති බව ලිබියානු රජය පවසයි.



අදහස් (0)

ලිබියාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක්

සම්පත් Wednesday, 24 April 2013 04:15 PM

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකයෙන්, ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගත් පාඩම් ලිබියාවෙදිත් ලබා ගන්නවා. කළ කළ දේ පළ පළ දේ කිව්වළු.(නදී)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Thursday, 25 April 2013 01:55 AM

කෙලෙහි ගුණ පස්සෙන් පන්නගෙන එනවා කියන්නෙ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site