IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලිබියාවේ ටි‍්‍රපෝලි ගුවන්තොටුපොළට රොකට් ප‍්‍රහාර

ලිබියාවේ අගනුවර පිහිටි එකම ගුවන්තොටුපොළ වන ට්‍රිපෝලි මිටිගා ජාත්‍යන්තර ගුවන් තොටුපොළටරොකට් ප්‍රහාර එල්ල වී ඇත.

අසල්වැසි රටවල් ලිබියාවේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇල්ජීරියාවට යෑමට දිනකට පෙර මෙම රොකට් ප්‍රහාර එල්ල විය.

ලිබියාවේ ප්‍රතිවාදී පාර්ශව අතර තිබෙන ගැටුම් හේතුවෙන් ගුවන්තොට මීට පෙර ද වසා තැබුණු අතර අද (22) මෙම රොකට් ප්‍රහාර එල්ල වූයේ සටන් විරාමයෙන් පසු  ගුවන්තොටුපොළ නැවත විවෘත කර දින නවයකට පසුවය.

ගුවන්තොටුපොළට ‘ග්‍රැඞ්’ වර්ගයේ රොකට් ප්‍රහාර හයක් එල්ල වී ඇත.

ලිබියානු ගැටුමේ ප්‍රධාන පාර්ශව දෙකකි. හමුදා පාලක කලීෆා හෆ්තර් එක් ප්‍රධාන පාර්ශවයක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් ආණ්ඩුව අනෙක් පාර්ශවයයි. එය ‘ජාතික සම්මුති’ ආණ්ඩුව යනුවෙන් ද හඳුන්වයි. ප්‍රධාන වශයෙන් ගැටුම් පවතින්නේ මෙම පාර්ශව දෙක අතරය.

ලිබියාවේ ටි්‍රපෝලි අගනුවර ආණ්ඩුවේ පාලනයට නතුව තිබෙන අතර එය අල්ලා ගැනීම සඳහා හමුදා පාලක කලීෆා හෆ්තාර්ගේ සන්නද්ධ හමුදා බළඇණි මෙහෙයුම් දියත් කර ඇත. ඉන් පසු අවස්ථා කිහිපයකදීම ඔවුහු ගුවන්තොටුපොළට පහර දුන්හ.

ලිබියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා ලෝක බලවතුන් පසුගිය සති කිහිපයේදී මැදිහත් වූ අතර මේ වනවිට ලිබියානු අර්බුදය උග්‍ර අතට හැරී තිබේ.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

ලිබියාවේ ටි‍්‍රපෝලි ගුවන්තොටුපොළට රොකට් ප‍්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site