තමන්ට අවනත නොවී, දිගින් දිගටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළ කැරැලි නායක සුෆයාන් බින් කුමූ ඝාතනය කිරීමට තම හමුදාව සමත් වූයේ යැයි ලිබියානු නව රජය පවසයි.
සුෆයාන් බින් කුමූ අල් කයිඩා ත‍්‍රස්ත සැකකරුවකු යැයි ඇමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රඳවා තබා පසුව මුදාහළ අයෙකි.
ඉකුත් වසරේ ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ අයකු ලෙස ද ආරක්ෂක අංශ ඔහු හඳුනාගෙන තිබුණි. තානාපති කාර්යාලයට එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ඇමෙරිකානු තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු තානාපති නිලධාරීහු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට උගන්නලා තියෙන්නේ මරන්ඩයි, දඩුවමුයි නේ හිත හදා ගන්න හැටි උගන්නන කෙනෙක් නෑ මේ මිනුස්සුන්ට.(නදී)