
ලෙබනනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස සාද් අල් හරීරි මහතා තේරී පත්වී තිබේ.
එම පත්කිරීම සිදුකරනු ලැබ ඇත්තේ ලෙබනන ජනාධිපති මයිකල් අවුන් විසිනි.
ලෙබනනයේ සති ගනනාවක් පුරා පැවති දේශපාලන ගැටුම් වලින් පසුව මෙම තෝරා ගැනීම සිදුවිය.
හරීරිට තවත් පක්ෂ කිහිපයක් හා කුඩා කණ්ඩායම්වල සහාය ලැබී තිබේ.
බේරූට් වරායේ සිදුවූ දැවැන්ත පිපිරීම සහ කොවිඩ් ව්‍යාප්ත වීම ඇතුළු විශාල ප්‍රශ්න හා අභියෝග ගනනාවකින් ලෙබනනය පීඩනයට පත්ව සිටියි.
මෙම දරුණු අර්බුද විසඳීම සඳහා නව රජයක් පිහිටුවීම ජනපති අවුන්ගේ බලාපොරොත්තුවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd