IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලෙබනනයට ආධාර හොයන්න තවත් සමුළුවක්

බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ලෙබනනයට ආධාර සෙවීම සඳහා තවත් ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට තමන් සූදානම් යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කරයි.
 
‘‘ලබන මාසයේ මැදදි හෝ අගදී තවත් ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කරන්න මම සූදානම්. ලෙබනනයට ජාත්‍යන්තර සහාය දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව එම සමුළුව පවත්වනවා’’ යැයි ලෙබනනයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ එරට සිටින ජාත්‍යන්තර හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
 
දින දෙකක සංචාරයක් සඳහා ප්‍රංශ ජනාධිපතිවරයා ඊයේ (31) ලෙබනනයට පැමිණියේය.
 
ලෙබනනයේ බේරූට් අගනුවර, අගෝස්තු 4 වැනිදා සිදු වූ පිපිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා ලෙබනනයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. බේරූට් වරායේ සිදු වූ මෙම පිපිරීමෙන් 180කට වැඩි පිරිසක් මරණයට පත්ව 6,500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මෙම පිපිරීමෙන් ලෙබනන අගනුවර විශාල ප්‍රදේශයක් විනාශයට පත්විය.
 
මෙම පිපිරීම හේතුවෙන් 1975-1990 සමයේ පැවැති සිවිල් යුද්ධයෙන් පසු ඇති වූ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට ලෙබනනයට සිදුව ඇත. ලෙබනන ජනගහනයෙන් අඩකට වඩා පිරිසක් මේ වසර අවසානයේදී ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතනයක් පසුගිය ඉරිදා අනතුරු ඇඟවීමක් ද කළේය.
 
ලෙබනනයට ආධාර එක්රැස් කිරීම සඳහා ප්‍රංශය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව පසුගිය අගෝස්තු 9 වැනිදා ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කර තිබිණි. එහිදි ලෙබනනය ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් යූරෝ මිලියන 252.7ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට ආසන්න මුදලක්) ලැබිණි.
 
ලෙබනනයට සහාය දෙන බව ද ජාත්‍යන්තර ප්‍රජාව එහිදි පොරොන්දුවක් දුන්නේ ය. එහෙත් එක්රැස් වන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හරහා නොව අදාළ පාර්ශවවලට සෘජුවම ලබාදෙන බව සඳහන් කළේය.
 
‘‘අපි ලබන සති හය ගැන අවධානය යොමු කරන්න ඕනෑ’’ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා අද කීවේය. බේරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක පාඩුවක් සිදුව තිබෙන අතර ආර්ථික කටයුතු සිදුව තිබෙන පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් යැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.
 
ලෙබනනයට ආධාර ඉල්ලා පවත්වන සමුළුවේදී ලෝක බැංකුව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් එහිදි විවිධ රාජ්‍ය සහ පාර්ශවවලින් සහාය ඉල්ලීමට හැකි බවත් ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය.
 
රොයිටර්
 
055



අදහස් (0)

ලෙබනනයට ආධාර හොයන්න තවත් සමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site