ලෙබනනයේ නැගෙනහිර ප්‍රදේශයේ ක්වැබ් එලියාස් නගරය ආසන්නයේ පිහිටි සිරියානු සරණාගත කඳවුරක ඇතිවූ ගිනිගැනීමක් හේතුවෙන් කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්නෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
කඳවුරේ සරණාගත පවුල් 102ක් වාසය කළ බව එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය පවසයි. රතුකුරුස සංවිධානය පවසා ඇත්තේ ගින්න පටන්ගන්නා විට කඳවුරේ සිටි 700ක පමණ පිරිසක් ඉන් ඉවත් කළ බවයි. තාවකාලික නිවාස විශාල සංඛ්‍යාවක් ද ගිනිගෙන විනාශ වී ඇත.
එක්සත්ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියානු යුද්ධයෙන් අවතැන් වූ දසලක්ෂයක පමණ ජනතාවක් ලෙබනනය අවට කඳවුරු වල වෙසෙන බවයි.
( බීබිසි ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd