
ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා සිටියේ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ගැටුම් මේ වනවිට දරුණු ලෙස උත්සන්න වී ඇති බැවිනි.
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ හටගත් ගැටුම්කාරී තත්ත්වය, කලාපීය වශයෙන් මහා යුද්ධයකට පෙරළෙනු ඇතැයි මෙම අර්බුදය සම්බන්ධයෙන් රැස්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද බිය පළ කළේය.
ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට වගබලාගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල රජයටත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුටත් දන්වා ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd