ලෙබනනයේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සේවය කරන අත්‍යාවශ්‍ය නොවන සියලුම නිලධාරීන් වහා ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකන් රජය කටයුතු කළේය. ඒ, ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

ඇමෙරිකාව සහ ඉරානය අතරේ යුද්ධයක් හටගත්තොත්, ඉරානයට සහාය දක්වන ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා ඉස්ලාමීය සටන්කාමීන්, ලෙබනනයේ ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් ඉලක්ක කර ගනිමින් පහර දෙනු ඇතැයි යන බිය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාව මෙම තීරණය ගත් බව පැවැසෙයි.