රුසියාවේ ලෙනින්ග්‍රැඩ් නුවර නාසි හමුදාවෙන් මුදා ගෙන වසර 75ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා රුසියානු භටයින් හමුදා යුද පෙළපාළියක් පැවැත්විණි.
සෙන් පීටර්බර්ග්ස් නගරයේදී මෙම හමුදා පෙළපාළිය පැවති අතර එය යුද ටැංකි සහ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිවලින් වලින් සමන්විත විය.
දෙවැනි ලෝක යුද්ධයේදී සෙබළුන් 800,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන්ට උපහාර පිණිස මෙම පෙළපාලිය සංවිධානය කර තිබිණි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ස්මාරකයන්ට පුෂ්පහාර පිළිගන්වමින් මියගිය රණවිරුවන් සැමරීම සිදුකළේය.
මෙම පෙළපාළිය සඳහා සෙබළු 2,500 කට වැඩි පිරිසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


(ඒ එෆ් පී ඇසුරෙනි)
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd