බ්‍රිතාන්‍ය සිනමා සහ රුපවාහිනි සම්මාන උළෙලේදී පසුගිය වසරේ හොඳම චිත්‍රපට නළුවා ලෙස
"රෙවරෑන්ඩ්" නම්වූ සිනමා කෘතියේ රඟපෑ ඇමෙරිකා සුපිරි නළු ලියනාඩෝ ඩි කැප්රියෝ සම්මාන ලැබීය.
ඒ සමඟම දැනට මොස්කව් නුවර සාකච්ජාට පාත්‍රවී ඇති 1917 රුසියා විප්ලවයට නායකත්වය දුන් ව්ලැඩ්මීර් ලෙනින්ගේ චරිතය පාදක කරගත් දැවැන්ත සිනමා නිර්මාණයේ ලෙනින්ගේ චරිතය නිරූපනය කිරීම සඳහා ලියනාඩෝ ඩි කැප්රියෝ කැමති කරවා ගැනීමට එහි නිෂ්පාදකයින් වන ‘ලෙන්ෆිල්ම්ස්‘ ආයතනය බලවත් කැමැත්තක් දක්වන බවට වාර්තා පළවී ඇත.
පුටින් හෝ රස්පුටින් වැනි චරිතයක් සඳහා පෙනීසිටීමට තමන් ඉමහත් ඇල්මක් දක්වන බව ඔහු කියයි.
මෙම ආරංචිය පැතිරීගිය පසු ලෙන්ෆිල්ම්ස් ආයතනයේ මාධ්‍ය ලේකම් වැලරි කාපොව් "තරුණ කාලයේ ලෙනින්ගේ පෙනුම ඩි කැප්රියෝගේ පෙනුමට බොහෝ සමාන බවක් පෙන්නුම් කරන නිසාත් ඔහු අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු නිසාත් න්ගේ චරිතයට ඔහු ඉතාම ගැලපෙන නළුවෙක් බව"කියා ඇත. "ලෙනින්ගේ චරිතය සිනමාවට නැඟීමේදී එම චරිතය සඳහා ඩි කැප්රියෝ වන්නෙකු සම්බන්ධ කරගැනීමට හැකිවේ නම් ඉතාම සතුටු වන බව කියයි. ඩිකැප්රියෝ කියන්නේ අති දක්ෂ වෘත්තිතියමය රංගනවේදියෙක් සුපිරි කලාකරුවෙක්. ඔහු තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් සඳහා උපරිම සාධාරණත්වයක් ලබාදීමට සුවිශේෂ හැකියාවක් ඇතී නළුවෙක්.
මෙම ආරංචිය පැතිරී ගිය පසුව රුසියාවේ ලෙනින්ගේ චරිතය වටා නිෂ්පාදනය කෙරෙන රුසියන් සිනමා කෘතියේ ලෙනින්ගේ චරිතය සඳහා ඇමෙරිකා නළුවෙකු යොදාගැනීම සුදුසු නොවන බව රුසියා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් පවසා ඇත.
එවැන්නක් සිදුවුවහොත් සිනමා කෘතියේ රූපගත කිරීම් සිදුකිරීමට ඉඩ නොදී අවහිර කරන බවද ඔවුන් අනතුරු හඟවා ඇත.
පීටර්ස්බර්ග් නුවර පිහිටුවා ඇතී ලෙන්ෆිල්ම් චිත්‍රාගාරය සහ නිෂ්පාදන සමාගම රුසියා රජයේ පාලනය යටතේ පවත්වාගෙන යන රුසියාවේ ප්‍රධාන සිනමා සහ රුපවාහිනි ආයතනයකි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෙනින්ගේ චරිතයට යැංකි නළුවෙක්
පකීර් Thursday, 18 February 2016 03:51 AM
ලියනාඩෝ කියන්නේ මුළු ලෝකයේම ඉන්න විශිෂ්ට නළුවෙක්. මම හිතන්නේ කලාවට කොමියුනිස්ට්ද, රිපබ්ලිකන්ද, ෆෙඩරල්ද කියන එක වැඩක් නැහැ. අනික ඇත්තෙන්ම ලෙනින්ගේ ශරීර පෙනුමයි මුහුණේ පෙනුමයි ලියනාඩොගේ වගේ. ඉතින් මේ ෆිල්ම් එක කළොත් එය විශිෂ්ට සිනමා නිර්මාණයක් වේවි. (නි)
චන්දු Wednesday, 17 February 2016 10:10 AM
ලෙනින්ගේ චරිතයට පණ දෙන්න කාටවත් බැ (ම)