IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලන්ඩනයට විශේෂ ආරක්ෂාවක්

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල කටයුතු හෙට (19) දිනයේ පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන්, වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුර කේන්ද්‍රකොට ගනිමින් දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇත.

මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේය. ඒ, හෙට (19) දිනයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට පමණය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ලන්ඩන් නුවර දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව මෙයයි.

ගොඩනැගිලි වහල මත ස්නයිපර් තුවක්කුකරුවන් රඳවා තැබෙන අතර, ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානා ආරක්ෂාවට යොදවා ගැනෙනු ඇත. අවමංගල උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 10,000 ක් එක්ව සිටිති. ඊට අමතරව සිවිල් වැසියන් ලෙස සැරැසුණු පොලිස් නිලධාරීන් රැජිනට ගෞරව දැක්වීමට රැස්වන ජනතාව අතරේ සිටිනු ඇතැයි ද පැවැසෙයි.

බ්‍රිතාන්‍ය රජය කළ ඇරැයුම්වලට අනුව, වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පැවැත්වෙන මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද ඇතුළු ලෝක නායකයෝ රැසක් ලන්ඩනයට පැමිණ සිටිති. රැජිනගේ දේහය රැගෙන යන පා ගමනට රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ලෝක නායකයන් ද එක් වීමට නියමිතය.

මේ අතර පසුගිය දින කීපයේ මහ රැජිනගේ දේහය මහජන ගෞරව සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණු අතර ඊට ගෞරව දැක්වීමට පැමිණි පිරිස් කිලෝ මීටර් ගණනාවක් දිග පෝලිම්වල පැය ගණනක් රැඳී සිටියහ. එංගලන්තයේ පා පන්දු තරුවක වන ඩේවිඩ් බෙකම් ද පැය 13 ක් පෝලිමේ සිට එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ මුහුණුපුරු මිණිපිරියන් ඇතුළු රජ පවුලේ සාමාජිකයෝ ද රැජිනට ගෞරව දැක්වීමට වෙස්ට්මිනිස්ටර් ශාලාවට පැමිණ සිටියහ. විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ හමුදා නිල ඇඳුමින් සැරැසී මහ රැජිනට ගෞරව දැක්වූහ.

(රොයිටර්)



අදහස් (0)

ලන්ඩනයට විශේෂ ආරක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site