පලස්තීනයට සහාය දක්වමින් ලන්ඩන් නුවර පැවැති විරෝධතාවයක් අතරතුර පුද්ගලයන් 300ක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කළේය.

පලස්තීනුවන්ට සහාය දක්වමින්, ඊශ්‍රායල රජයට එරෙහිව පැවැත්වුණු එම විරෝධතාවයට 1, 500ක පමණ පිරිසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

'පලස්තයින් ඇක්ෂන් ගෘෘප්' නම් බ්‍රිතාන්‍ය තුළ තහනම් සංවිධානයක් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බව වාර්තා වේ.

පසුගිය අගෝස්තු මාසයේ ද එවැනිම විරෝධතාවයක් අතරතුර 500ක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනිමට එරට පොලිසිය කටයුතු කළේය.