IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලන්ඩනයේ ලක් කතට සම්මානයක්

ලන්ඩන් නුවර ඉගෙනීමේ අබලතාවයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් හට අත හිතදීම පිණිස ඉටුකළ වටිනා සේවය උදෙසා  ශ්‍රී ලාංකික සහාය සේවිකාවක් මේ වසරේ බ්‍රිතාන්‍යයේ ඉහළම සම්මානයක් දිනාගැනීමට සමත් වූවාය.

වාර්ෂිකව පිරිනැමෙන "රික්ස් සාමි" සම්මානය මෙවර දිනාගත්තේ  හවූන්ස්ලෝ නගරයේ හේමා අබේතුංග විසිනි. හේමා අබේතුංග ට්විකන්හැම්හි අධ්‍යාපන ගැටළු සහිත වැඩිහිටියන් සඳහා විශේෂ පහසුකම් සපයන මධ්‍යස්ථානයක සේවය කරයි. 

එම මධ්‍යස්ථානයේදී පිළියම් ලබාගත් කාන්තාවක් ළමා කාලයේ පටන් තමන් තුළ තිබු "බල්ලන් සහ බළලුන් පිළිබඳ අසීමිත භීතිකාවක්" හේමා අබේතුංගගේ උදව් උපකාරයෙන් සුවපත් කරගැනීමට සමත් වුවාය. 

මෙම සාර්ථක වැඩපිළිවෙළ මුල්කරගෙන මේ වසරේ සම්මානය සඳහා ඇයගේ නම ඉදිරිපත් කළේ එම මධ්‍යස්ථානයේ කළමනාකරුය.

ඇයගේ නම මෙවන් අගනා සම්මානයක් සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ ඔහු කිවේ " හේමා සිය වැඩකටයුතු ඉටු කිරීමේදී දක්වන අසීමිත කැපවීම සහ උනන්දුව නිසා අපගේ උපකාර මධ්‍යස්ථානය මඟින් ඉටුකරන වැදගත් සේවාවන් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන තත්වයකට පත්කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙහි ඇති කිසිම වැඩකටයුත්තක් අපහසු දෙයක් ලෙස නොසලකන හේමා තම යුතුකම් නොපිරිභෙළා ඉටු කරන අවංකවම මෙවන් සේවාවන් රැකියාවකට වඩා සමාජ සේවාවක් ලෙස සලකා කටයුතු කරන උතුම් චරිතයකි" කියාය.

හේමා අබේතුංග වෙත මේ වසරේ සම්මානය පිරිනැමීමට තීරණය කිරිම පිළිබඳව අදහස් දැක්වූ විනිශ්චය මණ්ඩලය සඳහන් කළේ "අසීරු වැඩකටයුත්තක් ඉටුකිරීමේදී ඇය පෙන්වා ඇති අසාමාන්‍ය උද්යෝගය ලැදිකම සහ උනන්දුව අප සැමගේ බලවත් ප්‍රසාදය දිනාගැනීමට සමත්වූ" බවයි.

ඉගෙනීමේ දුබලතා ඇත්තන්ට සහාය දීමේ  බ්‍රිතාන්‍ය ආයතනය සංවිධානය කෙරුණු සම්මාන ප්‍රධානෝත්සවය පවත්වනු ලැබුවේ බර්මින්හැම් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. උත්සවය සඳහා 700 කට වඩා නියෝජිතයින් පිරිසක් සහභාගිවුහ.

webLondonHema_2015830



අදහස් (0)

ලන්ඩනයේ ලක් කතට සම්මානයක්

සත්‍යයා Monday, 31 August 2015 03:22 AM

ඔබ අපට ආඩම්බරයක් ලක් දියණියනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site