ශ්‍රී දළඳා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය, අරන්තලාව ඇතුළු ශ්‍රී ලංකාව පුරා උතුරේත් දකුණේත් විවිධ අභාග්‍ය සම්පන්න සිදුවීම් මෙන්ම සුනාමිය වැනි ස්වාභාවික ව්‍යසනවලින් විපතටපත් සියලු දෙනාට පිං පැමිණවීමේ පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.

1998 ජනවාරි 25 දින ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු මහනුවර ශ්‍රී දළදා මාලිගාවට එල්ල කළ කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පින් පැමිණවීම මුලික කරගෙන ආරම්භ කරන ලද මෙම පිංකම එදා පටන් සෑම වසරකම සංවිධානය කළේ ලන්ඩන් නුවර පදිංචි කරුණා බස්නායක මහත්මියයි.

මේ වසරේ සිට එම පිංකම සංවිධානය කිරීමේ වගකීම ඇය ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය වෙත පවරනු ලැබිය. "ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30 වැනි දීර්ඝ කාලයකදී ත්‍රස්තවාදී මෙන්ම වෙනත් හේතු නිසා අවාසනාවන්ත ලෙස අපවත්වූ හෝ විපතට පත්වූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද අන්‍යාගමික පූජකවරුන්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව, විරෝධාර රණවිරුවන්, විදේශකයින් ඇතුළු සියලු දෙනාට මෙදින පුණ්‍යානුමෝදනා කළ බව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම පැවසුවේය.

පිංකම සඳහා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් ප්‍රධාන විහාරවාසී මහා සංඝ රත්නය, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, මහා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න ඇතුළු විශාල පිරිසක් සඳහා සහභාගි වුහ.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ පොලිසියේ සහ විශේෂ කාර්ය සාධක බලකායේ ධජයන් මෙම අවස්ථාව සඳහා රැගෙනවිත් තිබු අතර මහා සංඝ රත්නය විසින් සෙත්පිරිත් සජ්ජායනාකොට සෙත් පැතුහ.

london_20161251 london_201612521 london_2016125213 london_2016125214